Thursday, July 5, 2018

මිණි ඟං දෑලේ මිහිරිය සහ තාත්තා....

"මිණි ඟං දෑලේ " මිහිරිය 12 වෙනි විනාඩිය පසු වී හරියටම 31 වෙනි තප්පරයේදි වින්ඳෙමි...

"තාත්තා" ගේ ජීවිතය අකුරු වල පාටෙන් පේනවද....

අර හින් හඬට දිය පෑරෙන පහළ වක්කඩෙ
 දුර ගලා බසින රීදි සිනා රැළි තාම තියෙ
කඳු වළලු මැදින් එන හුලඟට කන තියන් පුතේ 
කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවෙ තෙතමනෙ.... 

 වැට කඩුලු මඩුලු උඩ කැරකෙන සක්කලයො ඉන්නෙ
 මගෙ පුතෙ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ  
 ජිවිතෙ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ 
 මෙ ගහේ වැලෙ මල් ගැන මං  විතරයි දන්නේ.... 

වල් කොලෙ කොතැන තිබුනද මහ වනෙ දන්නෙ නෑ. 
කුන්ඩලෙ තරම ඇත් රැහැකින් බාලා ගන්න බෑ. 
පුතු සෙනෙ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ 
 මගෙ හිතෙ තියන සී පද මගෙ පුතා අහලා නෑ....

2 comments:

  1. aasaawen balana naatya dekak.

    jayaweawaa!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, බලන්න පුලුවන් කතා දෙකක්..:)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.