Friday, October 5, 2018

මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද..

යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රේහේලිකාවක්..

කිසිවෙකුට වහල් නොවී මතට තිත තියන්න මා දන්නා බව ඇය දන්නේ කොහොමද කියන්න නම් මම දන්නේ නැහැ..ජීවිතේ මල් යහනා නොපැතුවත් මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද..


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.