Sunday, June 24, 2018

උත්තල කාච සහ ගිනි තැබීම....

මිනිස්සුන් තමන්ගේ නියම සිතුවිලි සඟවා ගන්නේ, නිරාවරණය වු ඒ සිතුවිලි පරාවර්තනය කර තමන් දවා අලු කල හැකි උත්තල කාච මිනිසුන් අතරම ඇති නිසාද..එය එසේ නම් ඒ ඇවිලූ ගිනි දළු නිවා ගන්න සිහිල් දිය දහරක පහස තමන් තුලම ඇති නම් මිනිසුන් තම සිතුවිලි නොසඟවා කියාවිද...

තමන් තුල එවැනි හැකියාවක් නැති නම් මිනිසුන් තම සිතුවිලි සඳහටම සඟවා ගනීවි ද.. සඟවාගෙන අන් අයගේ සිතුවිලිද සැඟවීමට ක්‍රමෝපායන් සොයන්නට වෙහෙසේවි ද තමන් තමන්ගේම උත්තල කාචයෙන් පිළිස්සීමෙන් වැලකීමට..

ප.ලි.: පුංචි කාලේ මම ආසම කරන වැඩක් මිදුල අතුගාලා ඉවර වෙලා එකතු වන කොළ රොඩු උත්තල කාච වලින් ගිනි තියන්න උත්සහ කරන එක.. උත්තල කාච සුරක්ෂිතව තියලා තිබුනේ අපිට යන්න තහනම් කලුවර කාමරයක අල්මාරියක් ඇතුලේ උනත් මගේ අතට නොවරදාම උත්තල කාච මට ඕන වෙලාවට ලැබුනා..

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.