Tuesday, January 1, 2019

Hello 2019!!!

ජීවිතය දශක වලින් ගණනය කල හොත් පහුගිය දශකය යනු ජීවිතයේ පසු කර පැමිනි අන් සියලු දශක වල නොවිඳි සහ පසු කිරීමට නියමිත (යැයි මා සිතන) දශක වල නොවිඳින අත්දැකිම් විඳි, විටෙක සිනහවත් විටෙක කඳුලත් මුසු වූ දශකයකි..

ජීවිතයේ මා පසු කර පැමිණි සෑම දශකයකදීම කිසියම් සුවිශේෂ වෙනසක් සිදු වී ඇති රටාවක් අතීතය දෙස බලද්දි පෙනෙන බැවින් ඉදිරි දශකයේ කුමන ආකාරයේ වෙනසක් සිදු වේවි ද යන්න පිළිබඳව මට ඇත්තේ කුතුහලයකි..

සෑම දශකයක් අවසානයේම ජීවිතයේ එක් පියවරක් ඉහළට එස වී ඇති රටාවක් ද මා දකින බැවින් අදින් ඇරඹෙන මේ දශකය දෙස මා බලන්නේ ඉතාම පහන් සිතකින්..

ප.ලි. ඉපදුනු දා සිට මෙතෙක් පසු කල සෑම දශකයක්ම ඉතාම පැහැදිලි කඩයිම් වලින් සලකුණු වී ඇති බව මා දුටුවේ වරින් වර මගේම ජිවිතය දිහා හැරි බලන නොකැඩෙන පුරුද්ද නිසාමයි.. මේ සටහනේ කියවෙන වෙනස 2029 දි ලියන්න මට හැකි වේ යැයි මා සිතමි..පතමි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.