මම ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදරය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ සියලු හැඟිම් කාලය විසින් නිවා සනහා සඟවා ඇත.
ඉපදි හැදී වැඩුණු පරිසරය, දෙමාපියන් මගෙන් බලාපොරොත්තු වු සියලුම දේ ඒ අයට අවශ්‍ය විදිහට (මට අවශ්‍ය විදිහට නොව) 100%ක් කිසිඳු අඩුවකින් තොරව (සමහර තැන් වල මගේ කැමැත්තකින් තොරව පවා) පුලුවන් උපරිමයෙන් ලබා දීමෙන් පසු දෛවය මට ලබා දුන්නේ පුදුමාකාර නිදහසකි.
ජිවිතයේ මුහුණ දෙන සිදුවීම් වලදි තමන්ම ස්වාධීනව විසඳුම් කරා යා යුතු තැන්, තව දුරටත් අන් අයගෙන් යැපිය නොහැකි තැන් හැමදෙනාටම හමුවීම විරල දෙයක් නොවේ.. එනමුත් සියලු බැඳිම් වලින් නිදහස්ව මට ලැබුනු නිදහස නම් ඉතාම විරල බව මම හොඳින් දනිමි.. එතෙක් මා කරගෙන ආ පරිදි "එකඟ නොවීමට එකඟ වීම" සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කලේද එබැවිනි
ඔබ මොකද කරන්නේ ඔබට හිතුනු දෙයක් කාගෙවත් බලපෑමකින් තොරව කිරීමට අවශ්‍ය සියලු දේ ඔබේ අත ලඟටම ගෙනත් දුන් විට.. මම නම් තවම හිතනවා කොහොමද ඒ නිදහස නැති කර නොගෙන ජීවිතයෙන් නිදහස් වනතුරු නිදහසේ යන්නේ කියා..
ප.ලි.: මම හිතන්නේ පොඩි කාලේ ඉඳලම දකින දේවල් නිසා, මගේ හිතේ නිරන්තරයෙන් රැව් දෙන "ඇයි" කියන ප්‍රශ්නේ නිසාම උත්තර ගොඩක් හොයා ගන්න මට පුලුවන් උනා කියලයි..
No comments:
Post a Comment