"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම
ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා
ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම
නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි, මගේ ජීවිතේ එක අඩියක්
පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..
මේ පොතේ පිටු අංක 82- 84න් උපුටා ගත්තකි..
එන්න
හෙදියක් කී මොහොත
ඔබ සමඟ
දෙතුන් දෙන අපි
ඇතුළු වුණෙමු
රොහල් කුටියට
නිහඬව පා තබා
සුදු ජනේල වල
විසල් සුදු තිර
හදිසි සුළං පහරින්
ගැස්සී වෙළෙයි එකිනෙක
උස් මේසයක් මත
දිග බන්දේසියක
පුංචි මළ සිරුර
ඉතා පිරිසිදු
මුව පොඩිය මඳක් ඇරිලා
ඉරුණ මල් පෙති දෙකක් වගේ
ඔබ නොසිතාම මෙන්
දෑතින් ගෙන
පපුවෙහි හොවා ගත්තා
එය
ඇස් මිරිකී
ඔබේ නැහැ පුඩුවලින්
සුස්ම ගැස්මක්
ඇසුණා
එපමණි...
මිනිහෙකුට තම කුළුදුල් දරුවා අහිමි වීම ජීවිතේ පිටුවක් නොවේ. ජීවිතයම
සෙලෙවී යාමක්. ඔබේ කඳුළු මම දුටුවේ එදා.. ඔහොම තමයි.. මේ මිහිතලය
ප්‍රීතිමත් කරන මිනිසුන්ගේ ජීවිතය..
No comments:
Post a Comment