Monday, July 9, 2018

ජීවිතයේ ඔබ යන මාවත් ඔබම තීරණය කරන්න....

ඔබට ආදරය කරන මිනිසුන්ගෙන් එක් කොටසක් ඔබට ඔබ වෙන්න මාවත් විවර කරන අතර තවත් පිරිසක් ඔබට ඔබ නොවෙන්න මාවත් විවර කරනු ඇත..මේ මාවත් දෙකින් කුමන මාවතේ ඔබ ගමන් කලද ආදරය අන්ධ බැවින් ඔබ යන්නේ අවදානම් ගමනකි..එබැවින් ඔබ යන මාවත් තීරණය කිරීම අන් අයට නොපවරා ඔබේ හදවතට සහ මොළයට ඒ වගකීම පවරන්න තරම් ඔබ නිර්භීත නම් අන්තිමේ ඔබට ඔබව අහිමි නොවනු ඇත..

නමුත් සැම විටම ආදරයට පෙරළා ආදරය කරන්නත් අමතක කරන්න එපා.. ආදරය කිසි දිනක බලෙන් ඇති කරන්නත් බලෙන් නැති කරන්නත් බැරි දෙයක් නිසා.. ඔබට හිතන්න පුලුවන් ද මේ විදිහට ගිය විට අන්තිමේ ලැබෙන්න මොන වගේ මිනිසෙක් ද කියා...ඒ වගේම මිනිස් හැඟිම් එක්ක ගණිතය යා වෙන තරම් ගැන කවදහරි ඔබ හිතලා තියනවද..

ඔබට වෛර කරන මිනිසුන් ගැනද මේ වගේම කතා කරන්න හැකියි.. වෛරයද බලෙන් ඇති කර හෝ නැති කර ගැනීමට හැකි දෙයක් නොවේ.. ආදරයට පෙරලා ආදරය කලාට වෛරයට පෙරළා වෛර කිරීම/නොකිරීම ගැන සිතන්න ඔබට බාර කරමි..

ප.ලි: ආදරය පිරිසක් මැද කතා නොකල යුතු අසභ්‍ය දෙයක් කියාද වෛරය මුලු ලෝකය එක්කම කතා කල යුතු සභ්‍ය දෙයක් යැයි ද සිතනා මිනිසුන් ද අප අතරම සිටින බැවින් කියවන්නා සේම ලියන්නාද සිටිය යුත්තේ හොඳ සිහියෙන් බව මතක තබා ගන්න..

ඔබට වෛර කරන්නන්ට තරම්ම ඔබට ආදරය කරන්නනට ද ඔබ මහා කරදරයක් බව වටහාගන්නට හැක්කේද හොඳ සිහියෙන් සිටියොත් පමණි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.