Saturday, June 2, 2018

සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..

මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..

ඒ හැමවිටම මා අවට ඉන්න අයට ගැලපෙන ලෙස මගේ චරිතයේ අඩු වැඩි වීම්, වෙනස්වීම් නොහිතා වගේම හිතා මතාත් කරනා බැවිනි.. ජීවිතය (ඉතා) පහසු කල සිදුවීම් වගේම ජීවිතය (ඉතා) අපහසු කල සිදුවීම් ද දයාද කල ඒ හැම කෙනෙක්ම මගේ ජීවිතයෙන් කිසිඳා මැකිය නොහැකි වන්නේ ඒ අය වෙනුවෙන් මා වෙන් කලේ මගේ ජීවිතය බැවිනි..

පුංචි දිය උල්පතකින් ආරම්භ වී කඳු හෙළ් අතරින් දඟර ගැසී විටෙක එක් වරම කඩා හැලෙන සීතලම සීතල දිය ඇල්ලක් මෙන් ගලා යන ජීවිතය, මරණය නම් මහ මුහුදට එක් වන තුරු තවත් විවිධාකාර චරිත මට හමුවනු ඇත.. මා වෙනස් කර විවිධ හැඩ තල මවනු ඇත.. අන්තිමේ මා මිය යන දිනක ඒ හැම මතකයක්ම මා සමඟම මිය යනු ඇත..


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.