Monday, June 4, 2018

දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම කෙනෙක්...


මව්වරුන් දහසක් අතර ඇයද මවකි..
ඇය පසුපස උදේ හවස දිව යන
 පිළිවෙලක් නැති එහෙත් කිසිඳු අඩුවකුත් නැති
 කුඩා දරුවන් දෙදෙනෙකි..
නුහුරු නුපුරුදු පරිසරයට හැඩ ගැහෙන්නට
 ඇය යොදා ගෙන ඇත්තේ
 අපුර්ව ක්‍රමයකි..
දුටුවන් මවිත කරවන, සමහර වෙලාවට ඇසට කඳුලක් නංවන,
 ඒ ක්‍රමය දකිද්දි නිතර නැඟේ නිතැතින් පැනයක්..
ඇයි..

හිටියෙම නැද්ද අම්මේ කතා කරන්න කෙනෙක්...
මේ තරම් දියුණු යැයි කියනා රටක, 
දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම කෙනෙක්...


ප.ලි.: අනාගතයේ දිනක ගැහැනියක් දරු ගැබක් දරා සිටීමේ සිට, නව ජීවියෙක් බිහි කර පවත්වා ගැනීමේ සියලු පියවර ප්‍රතික්ශේප කරනු ඇති ද

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.