Wednesday, July 25, 2018

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර....

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට )

අද වෙද්දි වෙනස් වෙනස් පරිසර වල ගෙවල් 7ක ජිවිතයේ එක් එක් කාලවල් ගත කර ඇති අතර මේ කැමත්ත මගේ හිතේ තියන දෙයක් මිස ගෙදරින් ගෙදරට තැනින් තැනට රටෙන් රටට වෙනස් වෙන දෙයක් නම් නෙමේ..ලෝකේ පුරා මොන තරම් ලස්සන සුව පහසු ආකර්ෂණීය තැන් තිබුනත් මට නම් ඒ එකක්වත් මගේ ගෙදර තරම් නිදහස් නැහැ..සුව පහසුත් නැහැ..

ජීවිත ගමනේ දකින දකින දේ ගෙදර ගෙනත් පුරවන සිරිතක් මට නැති නිසා මේ ඕනම ගෙදරක් හරිම සරලයි.. අවට පරිසරයේ තියන දේවල් ඒ විදිහටම තියෙන්න ඇරල රස විඳින්න මිසක් ඒ දේවල් මගේ ගෙදර අරන් එන්න ඕනකමක් මට කවදාවත් ඇති වෙල නැහැ.. ඒ නිසාම ජිවිතේ සිහිවටන තියෙන්නේ මගේ හිතේ විතරයි ගොඩක් දුරට.

ඒ වගේම මම පිරිසක් එක්ක ගැවසෙන්න සතුටු වෙන්න කැමති එළිමහනෙදි නිහඬ පරිසර වල (ගස් වලින් සෙවණ උනු ගඟක් ලඟ, නැත්නම් මුහුදු වෙළරක) මිසක් අඬ අඳුරේ හරි කන් බිහිරි කරවන සංගීතය තියන තැන් හරි කියන්නෙ මම කැමති තැන් නෙමේ මගේ කාලයෙන් තප්පරයක් හරි ගත කරන්න..ඒ තැන් දෙකේදිම මම දකින්නේ තමන්ගේ සැබෑ ස්වරූපය පියවි මනසින් දකින්න අපහසු අයට ඉතා හොඳ තෝතැන්නක් ලෙසයි..

අනිත් එක තමයි ඉර බැහැල ගිහින් කලුවර වෙලා රෑ වෙන්නේ මුලු දවසම වෙහෙස උනු සිතට සහ ගතට විවේක ගන්න මිසක් තවත් වද දෙන්න තියන වෙලාවක් නෙමේ නිසා රාත්‍රි ගමන් බිමන්/සාද කියන්නේ මම කාලයක් තිස්සේ හිතා මතාම මඟ හරින තැන්..හැබැයි ඉතින් රෑට නිදා ගන්න ගැටලු තියන අයට නම් මේ තැන් මඟ හරින්න හේතුවක් නැහැ.. මට නම් එහෙම ගැටලුවක් කවදාවත් ඇති වෙල නෑ වගේම මේ එක දෙයක්වත් ගෙදර ඉන්න අය අනූව වෙනස් වෙන දේවල් නම් නෙමේ කිසිම දවසක..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.