
ඒ යැපීම වෙනුවට සමාජයේ නැති
බැරි අසරණ අයගේ ජීවිත පහසු කරවීමට කිසිවක් වෙනවාද නැත්නම් ගිහිගෙය කලකිරී
යන අය වෙනුවෙන් ගිහි ජීවිතය ගෙවන අය තවත් "පව්" පුරෝගෙන මුදල් හම්බ කරමින්
වෙහෙසකර ජීවිතයක් ගෙවා දැමීම ද වෙන්නේ.. රන්ඩු සරුවලුත් වෙනවනේ, නැද්ද
බලන්නකො දායක සභාවකට ගිහින්...

අපේ
හිත්වල තව කෙනෙක් අපිව සම්පූර්ණයෙන් කිසිම හේතුවක් මත නඩත්තු කල යුතුයි
කියන මතය පිළිසිදීම කොහෙත්ම සුදුසු දෙයක් නෙමේ කියලයි මට නම්
හිතෙන්නේ..දෙමාපියන් දරුවන් අතරේ උනත්.. අවශ්‍ය වෙලාවක අමාරු අපහසු වෙලාවක
ලෙඩකදි දුකකදි උදව් කිරීම යනු වෙනම දෙයක්...
මෙවැනි පුදබිම්, පන්සල්
(දේවාල) නමින් හඳුන්වන ස්ථාන වලට ලැබෙන ආධාර වලට මොකද වෙන්නේ.. ඒ ස්ථාන සහ
ඒවායේ ජීවත් වන අයගේ පැවැත්මට යෙදවීම අමතරව සමාජයට මොනවද ඒ ආධාර වලින්
වෙන්නේ..

ඒ පෙනුනත් ඔබට දෙඇස් නොපෙනෙන අන්ධයෙකු සේ කිසිවක් නොකර
ගොලුවෙකු සේ
කිසිවක් නොකියා ජීවත් වීමට කිසිඳු බාධාවක් නැත.. අවස්ථාවදීන් සහ ආත්මාර්ථකාමින් ඔබේ නිහඬතාවයේ උපරිම ඵල නෙලා ගනු ඇත..
ප.ලි.: මේ කතා බහෙන් ඉතාම සුලු කොටසක් ගෙයක් පන්සල් බවට පරිවර්තනය කර ඇති තැනක දානය පිළිබඳ ඉමහත් වෙහෙසක් ගන්නා (විවිධාකාරයේ ගැටලු වලින් මිරිකී සිටින තම දියණිය ගැන පවා සංවේදී නොවී) එක්තරා උපාසිකාවක සමඟ කිරීමට ගොස් තුන්වන ලෝක යුද්ධය ඇති නොවී බේරා ගත්තේ මා වාද කිරීමට අකමැති නිසාමය..
No comments:
Post a Comment