Thursday, May 7, 2020

අඹ රුක් සෙවණැල්ලේ..

මගේ පුතත් මන් වගේම පුංචිම කාලේ ඉඳලම අවට පරිසරයට ඉතා සංවේදි දරුවෙක් නිසා කාලයක සිට මම විවිධ ක්‍රම භාවිතා කරනවා ඔහුව, අවට පරිසරය කෙසේ තිබුනත් සන්සුන්ව සිහියෙන් ඉන්න හුරු කරන්න..

මේ අවබෝධය පුතු ගැන මම ලබා ගත්තේ ඔහුගේ ජීවිතයේ පළමු වසර 5 තුල OWLing ක්‍රමය භාවිතා කිරීමෙන් හැම තප්පරයක්ම ඔහුත් එක්කම මම ගත කල...එහිදි පුතු යනු කවුද කියා  හඳුනාගත් පසු තමයි කරන දේවල් තීරණය වෙන්නේ.. එහෙම නැතුව පුරුද්දට කරන්නන් වාලේ කරන්නේ නැහැ කිසිම දෙයක්…

කුඩා දරුවෙකුට ලේසි දෙයක් නෙමේ, තමන්ට දැනෙන, ඇහෙන සංවේදනා වලට ඒ වෙලාවේම  තමන්ට හිතෙන ප්‍රතිචාර නොදක්වා ඉවසීම කියන්නේ...ඒ නිසා මම මුලින්ම පටන් ගත්තේ විනාඩියක් වගේ කාලයකින් පුතා ගොඩක් පුංචි කාලේ..ආදරය, ඉවසීම පිරිනු පරිසරයක් පුතු වටා හදා ගන්නත් මම ගොඩක් උත්සහ කලා..මොකද අපේ මොළයට ලේසි පේන දේ අනුකරණය කරන්න…

පාසල් යන්න පටන් ගත් පසු උදෑසන සෑහෙන වෙලාවක් ඉතිරි වු බැවින් සහ කිසිම පීඩනයක් නොමැති වූ නිසා (පා ගමනින් යන පාසල් ගමන හරි විනෝදජනකයි, සැහැල්ලුයි,නිදහස්) ඒ වෙලාව ටිකෙන් ටික පුතුව, මේ අවට පරිසරය කෙසේ තිබුනත් තමන් සන්සුන් වීම කියන ගමන යන්න හුරු කරන්න මට හිතුනේ අහම්බෙන්..එහිම දිගුවක් තමයි මේ,  නිවසේ ඉඳන් පාසල් වැඩ කරන්න කලින් හැමදාම උදේට අහන..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.