දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන්
ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ
යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි
අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ
දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ දරුවන් නැගිටුවා
කිව්වේ අනේ පුතේ වඳින්න ඕන නැහැ කියා උනත් ඒ මව ගත් කටටම කිව්වේ "එහෙම හරි
යන්නේ නැහැ ,මේව සිරිත් අපේ කම.. "
සතුටින් ඉන්න කියාද කියන්න මට අවශ්‍ය උනත් එයට ඉඩක් ලැබුනේ නැහැ.. ඒ මුදා ගැනීමට මම කල උදව් වලට ආපහු මට අවශ්‍ය ඔවුන්ගේ සතුට මිස අන් කිසිවක් නොවන බැවිනි...මේ අපේ කම නමැති කොඳු කැඩිමේ ක්‍රියාවලියේ අන්තයටම වැටී, මේ ලෝකේ ජීවත් වන
ඕනම පණ නළ ගැහෙන කෙනෙකුට විඳින්න අපහසු තරම් දුක් ගොඩක් විඳි මගේ යෙහෙළිය
සහ දරුවන් වගේම අනිත් පාර්ශවයත් විඳි වේදනා සිහිපත් වී මගේ දෑස් වලට ඉණූ
කඳුලු පාලනය කර ගත් මම ඒ වෙලාවේ නිහඬ උනේ කියන්න වචන නැතුව නෙමේ..
"ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර"

තමන්ගෙම
දරුවන් සිය ස්වාධීනත්වයේ දිඟ පළල මැන බලන්න කරන උත්සහ වලට උපතේ සිටම
දෙමාපිය/වැඩිහිටියන් සීමා මායිම් පනවන්න නොසැහෙන ලෙස උත්සහ ගන්නේ ඇයි....
ඒ වගේම කාටවත් ඕන දේ නොකර සිටීම යනු ආත්මාර්ථකාමි බව ලෙස හංවඩු ගැහීමෙන් සමාජය
බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ උපතින් හිමි ස්වාධීන බවට පහරක් එල්ල කර මෙල්ල
කර රූකඩයක් ලෙස නැටවීම නොවේද.. දැන හඳුනනකම එහෙම නැත්නම් හැඟිම් වලට වහල් වූ බැඳිම් සහ (අ)සාධාරණය අතර ඇති සම්බන්ධය ගැන ඔබට මොකද හිතෙන්නේ...
මේ තවත් පැත්තක්, අවස්ථා ලැබී ඉදිරියට යන කෙනෙක් අවස්ථා නොලැබී (හෝ වෙන හේතුවක් මත) එකම තැන රැඳෙන කෙනෙක්ට සලකන්න ඕන මොන විදිහට ද..ඒ කිව්වේ අපි හිතමු තැන් දෙකක ඉපදෙනවා මිනිස් පැටව් දෙදෙනෙක්.. එක
පැටියෙකුට ලැබෙනවා අවස්ථාවන් අකුරු, කියවන්න,ලියන්න,ගණන් හදන්න ඉගෙන ගන්න.. එදාම ඉපදුනු අනිත් පැටියට මේ එකක්වත් ලැබෙන්නේ නැහැ කියා හිතමු..මේ විදිහට
මේ දෙදෙනා වැඩිහිටි වියට පා තබන කාලෙදි එකට මුණ ගැහෙනවා කියලත් හිතමු
අපි.. දැන් මේ දෙදෙනාගෙන් අර අවස්ථා ලැබුන කෙනා මොන විදිහට නොලැබුන කෙනා
එක්ක හැසිරේවිද..
ශිෂ්ට සම්පන්න
(කියලා හිතාගෙන ඉන්න) මේ මිනිස් සමාජයේ අතීතයේ ඉඳලා අද වෙනකන්ම වෙන ඇත්ත
විදිහ ගැන ඔබට මට අපි හැමෝටම අත්දැකීම් තියනවනේ නේද එවැනි දෙදෙනෙක් අතර
මොකද වෙන්නේ කියන එක.. අවස්ථාවන් ලැබුන කෙනා නොලැබුන කෙනාව පාවිච්චි
කිරීම තමයි වෙන්නේ කියන එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නෙ උගත්කම/සැප
පහසුව/පිළිගැනීම/මුදල් වැඩි වෙද්දි (සමහර)මිනිස්සු තමන්ගෙම ජාතිය
හෑල්ලු/අපහාස/අමතක/පාලනය කරන්න ලොකු වෙහෙසක් ගන්නවා.. තනි වචනයකින් කිව්වොත් කපටි මිනිස්සු උගත්කම/දැනුවත්කම එක්ක බිහි වෙන්නේ ඇයි.. එහි අනිත් පැත්ත නේද වෙන්න ඕන සහ විය යුත්තේ..


පලි.:ස්වාධීනත්වයේ වටිනාකම (නැත්නම් ජීවිතයේ සත්‍ය) වටහාගත් සමහර පුද්ගලයින් ගිහි ගෙය හැර යන්නේ, වනගත වන්නේ මුලු මහත් සමාජයක් සමඟ ගැටීමට තරම් ආත්ම ශක්තියක් නැති නිසා ද නැතහොත් එය පලක් නැහැ කියා සිතන නිසා ද කියාත් මම සමහර තැන් වලදි හිතන දෙයක්..
No comments:
Post a Comment