Saturday, February 17, 2018

සොරකම් කල පරම්පරාව....

කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති නමුත්  කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු   නිර්මාණය වී     නොතිබුන         අපි නොදන්නා   කාලයක      මිනිසුන් කියවීමට යොදා   ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත්  රූප... 


රූප කිව්වම ගියවර නිවාඩුවට කැන්බරා ගිය ගමනෙදි දැක්කා (නෙමේ හරියටම කිව්වොත් වින්ඳා) ඇබෝජින්වරු ඇන්ඳ රූප හරහා කියවෙන සොහොයුරියන් හත් දෙනෙක් සහ නයෙක් ගැන කතාවක් ඉග්ලූ නිවහනක වහලය කැන්වසයක් බවට පරිවර්තනය කරමින්, "සොරකම් කල පරම්පරාව" ඇතුලේ තියන කලු පැල්ලම් වසා ගන්න මේ මිනිස්සු හරිම නිර්මාණශිලීව තම සම්පත් සහ කාලය වැය කරන හැටි දකිද්දි මට හිතුනේ අතීතය එහෙමත් නැත්නම් ඉතිහාසය මොන තරම් "අමිහිරි"  උනත් මිනිසා කිසිවිටෙක ඉතිහාසය "අමතක" නොකරන අපූරුවයි...

අදටත් නොනැසී පවතින මේ මිනිසුන්ගේ විස්මිත හැකියාවන් සහ මේ රටේ භෞතික පරිසරය චිත්‍රයට නැඟිමේ අපූර්ව කලාව තව කොතෙක් කල් නොනැසී පවතී ද කියා නම් සැක සහිතයි කාලය නම් වැලිතලාවෙන් නොවැසී..

මේ "සොරකම් කල පරම්පරාව" ගැන කියවද්දි ඔබේ දෑසින් කඳුලක් වැටුනේ නැත්නම් නැවත හිතා බලන්න වෙනවා ඔබ මිනිසෙක් ද කියා..අතීතය පුරාමත් වර්තමානයෙදිත් අනාගතයේදීත් මිනිසුන් අතර සන්නිවේදනයේ ඇතිවෙන වැරදි වැටහිම් නිසා කොතෙක් කඳුලු මහ පොළවට වැටි ඇති ද... වැටෙන්න ඇති ද..

A portrayal entitled The Taking of the Children on the 1999 Great Australian Clock, Queen Victoria Building, Sydney, by artist Chris Cook.

ප.ලි. : හුණුවටයේ කතාවත් මතකයට නැගුණි...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.