Tuesday, June 9, 2020

ලෝකේ කොහේ හිටියත්...

(උගත්/ නූගත්, ධනවත්/ දුප්පත්, කිසිම බේදයකින් තොරව) කෙනෙක් වයස 18න් 20න් නෙමේ 30දි 40දිත් මිනිස් අන්තර් සබඳතා වලදි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ නම් එතන තියනවා ප්‍රශ්නයක්..මට හිතෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ..මනසේ..

කෙනෙක් හිතනවා නම් (දහම්) පාසල් ගිහින් විශ්වවිද්‍යලෙත් යනව නම් ගිහින් එතනින් එහාටත් උසස් අධ්‍යාපන කරද්දිත්,ලෝකේ පුරා සංචාරය කරද්දිත් කෙනෙක්  පොඩි දරුවෙක් වගේ හැසිරීම, සාධාරණයි සාමාන්‍යයි කියා, මොකටද ඒ ඉගෙනීම..මොකද්ද ඒ ඉගෙනීම..මෙහෙම ප්‍රශ්න ඔයාලට හිතෙන්නේ නැද්ද..මට නම් හිතෙනවා..මිනිසා දේශපාලනික සතෙක් උනාට මනසේ ප්‍රශ්න නම් විසඳ ගන්න පුලුවන් තමන්ටමයි..

මට නම් හිතන්න කොහොමටවත් බැහැ වයස 18 දි මුකුත්ම නොතේරෙන නොදරුවෙක් සමාජය බිහි කරනවා කියා..එහෙම වෙනවා නම් මිනිස් සමාජ තුල දැනට බිහි වී තියන සෑම දෙයකින්ම සංවර්ධනය නොවන මොළයක් උපතින් හිමි කෙනෙක් වෙන්න ඕන...

මනස ලෙඩ වීම පිස්සු යනුවෙන් හඳුන්වා ගණනකට නොගෙන ඉදීම වෙනස් වෙන්න ඕන කාලේ ගොඩක් පහු වෙලා කියලයි මට නම් හිතෙන්නේ හිතා මතාම මිනිසුන් අතින්.. මනසත් අපේ ශරීරය වගේම තමයි..කාලයක් තියෙන්න ඇති ශරීරය ලෙඩ උනාමත් බෙහෙත් කරන්න මිනිස්සු අදිමදි කල..

තවත් දෙයක් දරුවන් අතින් පුංචි වරදක් අතපසුවීමක් උනාම එහෙම නැත්නම් වචනයක් එහෙ මෙහෙ උනාම ඔබට අසූහාරදාහටම තරහ යනවද..එහෙනම් බලන්න ඒ තරහ යන්නේ දරුවා එක්ක ද ඔබ එක්කම ද කියා තරහ පිට කරන්න කලින්..දරුවට දැනෙන්න සරලව මනසට හානි නොවෙන්න වරද/ අතපසු වීම හරි ගස්ස ගැනීම අනිවාර්‍ය දෙයක් කල් නොයවා..

දරුවන් ටික ටික ලොකු වෙද්දි පාලනය කරන්න බැහැ, කියන දේ අහන්නේ නැහැ කියා කියන ගොඩක් දෙමාපියන්/වැඩිහිටියන් දන්නේ නැත්තේ දරුවන් සමඟ සාමකාමීව CONNECT වෙන්න කියා මට සිතේ...මේ බොහෝ වැඩිහිටියන් තමන් සමඟමත් සාමාකාමීව සිහියෙන් CONNECT වීමේ අපහසුතා වලින් පෙළීම හරිම සුලබ දෙයක්..හැබැ‍යි බොහෝ විට වරද පටවන්නේ දරුවන්ට..එහෙම නැත්නම් තමන් ඇරෙන්න වෙන ඕනම දේකට කෙනෙකුට වරද පටවන්න පැකිළෙන්නේ නැහැ..අසාර්ථක විවාහ පවත්වා ගැනීම පිටුපසත් මේ වැරදි පැටවීම දකින්න පුලුවන්..ඊට වඩා කොතරම් පහසු ද සාමකාමීව CONNECT වීමේ සාර්ථක ක්‍රම ඉගෙන ගත්තා නම්..

හැබැයි ඉතින් පහසු උනාටම පුරුද්දෙන් ගැලවෙන්න බහුතරයක් මිනිස්සුන්ට බැහැ..මම ගොඩක් විට දකිනවා යම් දෙයකදි වෙනසක් කරන්න තියන නොහැකියාව නිසා එහෙම නැත්නම් බය නිසා, කරන්න දෙයක් නෑ කියා යන (වැරදි) පාරේම අමාරුවෙන් යන අය..අනිත් අයටත් යන්න කියන අය..ඔබට එහෙම අය හමු වෙනවද..

එහෙම යන්න කියන අයව අඳුර ගත් පසු අතේ දුරින් හිතේ ඒ අයව තබා ගැනීම තමයි මම නම් කරන්නේ..මොකද මට මිනිස්සු අත හරින්න බැහැ සම්පූර්ණයෙන්..එහෙනම් මුලින්ම මම මාව සම්පූර්ණයෙන් අත හරින්න ඕන..ඒ "මම" කියා කෙනෙක් නෙමේ ඉන්නේ "අපි" කියා මට වැටහෙන නිසා..

ප.ලි.:මට හිතෙනවා මගේ අම්මයි තාත්තයි මේ ක්‍රම දැනගෙන හිටියා විශේෂයෙන් ඉගෙන නොගත්තත්..මම කියන්නේ නැහැ ඒ ක්‍රම හැම එකක්ම සර්ව සම්පූර්ණයි කියා..නොගැලපෙන තැන් තිබුනා අපි එකිනෙකාට එකඟ නොවුනු..නමුත් CONNECT වීමේ උත්සහය බොහෝ දුරට සාර්ථකයි..මම එහෙම කිව්වේ අම්ම හරි තාත්තා හරි මට කිව්වොත් ලිඳට පනින්න කියා දෙපාරක් නොහිතා පනින්න සුදානම් අතීතයකුත් මට තිබුන නිසා..

ලෝකේ කොහේ හිටියත්,

දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 1..
දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 2..
දරුවන් සම්බන්ඳ කල හැකි වැඩසටහන් සමාජීය කුසලතා වර්ධනය කර ගන්න 3.

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.