Tuesday, August 11, 2020

මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

වයසින් වැඩුනු මනසින් නොවැඩුනු පිරිමියෙකුගේ පෞර්ශ ගැටලු වලදි තනි නොකර, සඟවන්නේ නැතුව  උදව් ලබා දීම වරදක් ලැජ්ජාවක් ලෙස සලකන්නේ ඇයි..ඇයි එවැනි පිරිමින්ගේ නොගැලපෙන ක්‍රියා හැම විටම සාධාරණීයකරණය කර සඟවන්න  උත්සහ ගන්නේ, මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

ඇයි වටහගන්න ගන්න බැරි එවැනි පිරිමින්ව හැකි ඉක්මනින් ප්‍රතිකාර (මානසික උපදේශන) වලට යොමු කිරීමෙන් අවුල් ජාලයක් බිහි වීම වලක්වා ගත හැකි බව...ඇයි එක බොරුවක් වහන්න තව බොරුවක් කියන තැනකට වැඩිහිටියන් පත් වෙන්නේ...ඇයි විවාහය ජීවිතයේ අවසන් කඩයිම   සහ එකම  ගැලවීම ලෙස වැඩිහිටියන් දකින්නේ..

මේ මගේ විවාහයේ මුල් කාල්යේ ඉඳලම මගේ අම්මගෙන් මට අහන්න තිබුනු ප්‍රශ්න.. නමුත් මුල සිටම ඇය හිතා මතා මඟ හැරිය ප්‍රශ්න..තාත්තා අප අතරින් සමු ගෙන සිටි නිසා ඇය වැඩ කලේ ඇගේ හිතුමනාපෙට..ඇයම  සොයා ගත් පුද්ගලයාගේ අඩු පාඩු පිළිගන්න ඇය  පොඩ්ඩක්වත් කැමැති උනේ නැහැ..පිරිමින්ට වහල් වූ මනසක් ඇති සමාජයට අධික ලෙස බය  තමන්ගේ  ආත්ම ශක්තිය හීන  මෙවැනි අම්මාවරු (පියවරු)  නිසා කොතරම් දරුවන් නිකරුනේ අපහසු ජීවිත ගත කරනව ඇති ද ලෝකය පුරාම..

එවැනි දරුවන් හැකි ඉක්මනින් වටහ ගන්න  ඕන තමන්ගේ ජීවිතය ගලවා ගැනීම, නිදහස් කර ගැනීම  වරදක් නොවන බව අම්මා (තාත්තා)  කියන චරිතයට එරෙහි වෙන්න උනත්..අම්මා කියන චරිතයෙන් ඈත් වෙන්න සිදු උනත්...එවැනි අම්මාවරුන්ටත්  මානසික උපදේශන අත්‍යාවශ්‍යයි මම දකින විදිහට හැකි ඉක්මනින්... 


ප.ලි.: වසර 29ක් මගේ හොඳම යෙහෙළිය වූ මගේ අම්මා කියන චරිතය මගේ විවාහය සමඟම සැඟවී ගිය හැටි මේ ගීය අහන හැම වෙලේම මට මතක් වෙන දෙයක්..මගේ හිතේ ඇය වෙනුවෙන් මගේ ජීවිතය පවා කැප කල හැකි ආදරයක් තිබුනත් ඇයගේ හිතේ ඇත්තේ වෙනත්ම දෙයක් බව ඉතා පැහැදිලිව වටහා  දුන් තැනක්  මගේ විවාහය...

3 comments:

  1. ලන්කාවේ අයගෙ low self-esteem එකත් මේකට හේතුවක් නේද. කලින් ලිපියෙ ඔබ කියල තිබුන වගෙ ස්වාධීන වෙන්න තියෙන අකමැත්ත, දෙමව්පියො පිස්සුවෙන් ලමයින්ව අධ්යාපන තරඟයට දානව විතරයි, තමන්ගෙ ශක්තියෙන් නැගී සිටින්න කියා දෙනව අඩුයි.

    However, these things are changing now (at least gradually). I watched some videos on Voice Teens Sri Lanka; the self confidence of these teens are amazing. Real positive signs.

    ReplyDelete
    Replies
    1. ඔව්, තමන්ගේ ඇත්තට/යථාර්තයට මුහුණ දෙන්න දෙමව්පියන් දරුවන් හුරු කරන්නේ නැහැ, තමන් ඇත්තටම කවුද කියන එක වහගෙන යැපෙන මනසකින් අධ්‍යාපන තරඟයේ ගිහින් ලොකු මිනිහෙක් වෙන්න තමයි පුරුදු කරන්නේ..

      දෙමාපියනුත් හරිම බයයි තමන්ගේ ඇත්තට මුහුණ දෙන්න..සමාජයට කෙලින් මුහුණ දෙන්න බයයි..හැංගිලා තමයි හැමදේම කරන්න උත්සහ ගන්නේ..ආත්ම විස්වාසය අඩු දරුවන් තමයි එහෙම උනාම බිහි වෙන්නේ..

      තැනකට ගිහින් තමන් වෙනුවෙන් කෙලින් දෙකට නැමෙන්න නැතුව කතා කරන්න ගොඩක් දරුවො බයයි.. සමාජය කැමති යටහත් පහත් අයට..අනුන්ට ඕන විදිහට පාලනය කල හැකි අයට..කෙලින් තමන් වෙනුවෙන් නැඟිටින්න පුලුවන් අයව කොහොම හරි වට්ටන්න තමයි බහුතරයක් හදන්නේ තමන්ට නැගිට ගන්න නොහැකි නිසා..

      Delete
  2. 'තමන් වෙනුවෙන් නැඟිටින්න පුලුවන් අයව කොහොම හරි වට්ටන්න තමයි බහුතරයක් දන්නේ'.

    ඇත්ත. මගෙ යාලුවො කීප දෙනෙක්ම මගෙන් අයින් වුනා මම කන බොන දේ ඉඳල partner කෙනෙක් හොයා ගන්න එක දක්වා ඒ අයගෙ උපදෙස් ගන්න අකමැති වුන නිසා, මට නම් හරිම සැපයි එහෙම අය මගෙ ජීවිතේ නැතුව.

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.