මාසයකට පමණ පෙර (හරියටම කිව්වොත් මාසයකුත් දවස් 14ක් හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව..

මේ හැම පරීක්ෂණයකින්ම පැහැදිලිව පෙනුනු දෙයක් තමයි හදවත වේගයෙන් ගැහීම ඇරෙන්න වෙන කිසිඳු වරදක් සොයා ගන්න නොහැකි වීම..ඉතින් වෛද්‍යවරු අවසානයේ මට කිව්වේ බෙහෙත් අනවශ්‍ය බවත් Sinus Node උත්තේජනය කරන සාධක වලින් හැකි තාක් ඈත් වී ජිවන රටාව හැඩ ගස්වා ගන්නා ලෙසත්..
මොනවද දන්නව ද ඒ සාධක Asthma රෝගයට ගන්නා puffers, විශේෂයෙන් Ventolin ,Caffeine, Stress, Anxiety, නොයෙකුත් ආසාදන වර්ග,විජලනය, රුධිරයේ යකඩ ප්‍රමාණය ඉතා අඩු වීම.. etc..
No comments:
Post a Comment