Thursday, November 15, 2018

I am feeling so proud..

ආදරයෙන් සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන්   විඳිමින් හිමින්  ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I am feeling proud  කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ හීන තමන් වෙහෙසි ලබා දීම ගැන අනුන් තමන්ට ස්තුති කල යුතු බව වත් වටහා ගන්න ඔවුනේ මනස නිරවුල් නැහැ..
ඒ අතරේ කතා කල යුතුම තවත් කොටසක් නම් මේ හීන ලුහු බඳින දෙමාපියන්ගේ මඟ හැරෙන අත දරුවන්.. ඒ මඟ හැරීමත් ස්තුතියි කියන වචනයෙන් මඟ හරින්න ඔවුන් සමත්.. ඔබ දැක තියනවද වැඩිහිටියෙක් දරුවන්ගෙන් තමන් හීන මැවූ බලාපොරොත්තු වූ දේවල් ඉටු වෙද්දි ඒ දරුවාට ස්තුති කරන.. දරුවාගේ හීන නෙමේ මේ කියන්නේ.. වැඩිහිටියන්ට අවශ්‍ය වූ  දේවල් අඩු නැතුව කටු කමින්  දරුවන් ඉටු  කිරීම ගැනයි මේ කතා කරන්නේ..

හිතලා බලන්න තමන්ට තමන් ගැන ආඩම්බර වෙන්න මොනවද තමන් ස්වාධීනව අනුන්ගේ බලපෑමකින් තොරව තමන් වෙනුවෙන් කරලා තියෙන්නේ.. අනුන් වෙනුවෙන් නෙමේ..තමන් වෙනුවෙන් ආඩම්බර වෙන්න ඔබට පුලුවන්ද.. ඔබේ ප්‍රතිරූපය එහෙම නැත්නම් කැඩපතකින්  දකින ඔබේම රුව (පිටත සහ ඇතුලත) දිහා බලන්න හැකි ද ඔබට මුලු හදවතින්ම..


ප.ලි.: මේ අවසානයට ඇහුව ප්‍රශ්නය මම කාලෙකට කලින් ඇහුව තමන්ගේ ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම ගිය කෙනෙකුගෙන්..දන්නව ද මට ලැබුනු උත්තරේ, "මට පෙන්නේ රිළවෙක්, puppet කෙනෙක්" කියා.. ඉතිරිය සිතන්න ඔබට බාරයි.. බොහෝ මිනිස්සු එළිපිට තමන්ගේ ඇත්ත කියන්නේ නැහැ..පෙන්නන්නේ නැහැ..එහෙමයි කියා ඇත්ත බොරු වෙන්නෙත් නැහැ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.