"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම
ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා
ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම
නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි, මගේ ජීවිතේ එක අඩියක්
පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Thursday, May 31, 2018
Saturday, May 19, 2018
උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...
කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ
තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම
ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..
Wednesday, May 16, 2018
මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද...
ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග
පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම
වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...
Tuesday, May 15, 2018
ඔබ සුදුස්සෙක් ද...
ඔබ රැකියාවකට සුදානම් විමේදි සමහර විට වසර ගණනාවක් ඒ රැකියා ක්ෂේත්රය
වෙනුවෙන්ම වෙන් වූ විෂයන් හදාරමින් නව දැනුම සොයා යමින් ඒ වෙනුවෙන්
විශේෂයෙන් සුදානම් වෙනවා නේද..
Sunday, May 13, 2018
නිදහස...
මම ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදරය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ සියලු හැඟිම් කාලය විසින් නිවා සනහා සඟවා ඇත.
Saturday, May 12, 2018
සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..
ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු
කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක
ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන
ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම
නෙමේ..)
Friday, May 11, 2018
ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...
ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන
විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව
බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය,
යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින්
වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට
කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..
Wednesday, May 9, 2018
සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...
ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය
වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා
ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින
දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන
නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..
Sunday, May 6, 2018
පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති දරුවෙක් හදමු ද....
හැදෙන වයසේ පුංචි දරුවෙකුට අපි පැහැදිලි කරලා කිව්වොත්, ඇත්ත කියන
එකෙන් හිතට දැනෙන නිදහස් හැඟිම, ඉඩ හදලා දුන්නොත් ඇත්ත කියන කොට
දැනෙන්නේ හොඳ හැඟිමක් කියන එක, ඒ දරුවා පළවෙනි පියවර තබනවා පැත්ත ගියත්
ඇත්ත කියන්න.. මොකද දරුවන් හැම විටම කැමැති තමන් හොඳ කෙනෙක් කියලා දකින්න..
දරුවන් විතරක් නෙමේ වැඩිහිටියන් වුනත්..කිසිම කෙනෙක් කැමැති නැ තමන්
වැරදිකාරයෙක් වෙනවා දකින්න..
Friday, May 4, 2018
හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...
Thursday, May 3, 2018
නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...
අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන
පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම
කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්..
(අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම
මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)
Wednesday, May 2, 2018
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...
මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා
තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ
නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන
වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන
ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න
ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.