කාලෙකට කලින් උපේක්ෂා ස්වර්ණමාලී කියන ගැහැනියව 360 කියන දේශපාලන වැඩසටහන මෙහෙය වන තවත් ගැහැනියක් වන දිල්කා සමන්මලී ප්‍රශ්න කිරීමකට ලක් කරන හැටිත්, ඒ ප්‍රශ්න කිරීම වලට උපේක්ෂා කියන ගැහැනිය දෙන පිළිතුරු වලට උපහාසයෙන් හිනා වෙන, දෙවරක් නොසිතා ඇයට අපහාස කරන්න පෙළබුනු මිනිසුන් (ගැහැනු/පිරිමි) දැකපු මට හිතුනේ රූපවාහිනි නාලිකා මොන තරම් නම් සාර්ථකව (බහුතර ලාංකීය) මිනිස් මනස ග්‍රහණය කරගෙන තියනවා ද යන්නයි... වැඩසටහන අතරතුර දිල්කා සමන්මලී නම් ගැහැනියගේ මුහුණේ හැඟිම් ද නිහඬව කියවූ මට සිතුනේ රැකියාව බේරා ගැනීමට අමතරව ඇයත් එයින් කිසියම් වින්ඳනයක් ලබන බවයි..
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Showing posts with label ව්‍යාපාර සහ ලාභ ලැබීම. Show all posts
Showing posts with label ව්‍යාපාර සහ ලාභ ලැබීම. Show all posts
Monday, April 23, 2018
Monday, March 26, 2018
අතීතය සිහිනයක් පමණයි... සැබැ සුවඳක් නෑ ද...
අම්මත් එක්ක පොඩි කාලේ එක්තරා දවසක කොළඹ කොටුවෙන් කෝච්චියට නැග්ග මම ටික වෙලාවකට පස්සේ පැණි දොඩම් ඉල්ලලා අම්මට කරදර කලේ ඒ සුවඳට මම ගොඩක් ආදරය කල නිසා වෙන්න ඇති දැනුනු.. කොළ පාට පැණි දොඩම් පුරවපු ඒ පුංචි කූඩයේ තැනින් තැන ලෙලි ඇරපු රත්තරන් පාටින් බැබළෙන දොඩම් මුලු කෝච්චියම සුවඳ කලාට දොඩම් ගත්තේ හරිම ටික දෙනයි..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.