
"අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත්...."
Wednesday, January 31, 2018
හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..

Monday, January 29, 2018
Saturday, January 27, 2018
දෙබිඩි වැඩිහිටියන්ගේ (දෙබිඩි) දරුවන්......
බොහෝ වැඩිහිටියන් කෙනෙක් වෙනුවෙන් ඇති වන "ආදරයක්" දරුවන්ගෙන් සඟවා ගනී...
ඒ වැඩිහිටි අයම කෙනෙක් වෙනුවෙන් ඇති වන "වෛරය" (තරහ) කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දරුවන් ඉදිරිපිට පිට කරයි...
ඉතින් තමන්ට එළිපිට පෙනෙන දෙයට ප්‍රතිචාර දක්වා වැඩෙන "මිනිස්" මොළයක් හිමි දරුවෝ තම වැඩිහිටියන්ගේ අඩි පාරේ ගමන් කරයි.
Friday, January 26, 2018
සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න...
ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම් අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම..
Monday, January 22, 2018
Saturday, January 20, 2018
ඉන්ධන අවසන් ද...
දැල්වෙන
පහනකින් පහන් සියයක් දැල්වූවත් එහි ආලෝකය අඩු නොවනු ඇත... පහනෙහි දැල්වීමට
මුලිකව වු "ඉන්ධනය" අවසන් වූ විට පමණක් පහන නිවී යනු ඇත.. මෙහි එන "ඉන්ධනය"
ආදරය කරුණාව ලෙසත් පහන ඔබේ ජීවිතය ලෙසත් පහනේ ආලෝකය ඔබේ හැකියාවන් ලෙසත් සිතා බලන්න..
පහන දිගටම දැල්වීමටත් පහනේ එකම අරමුණ වන අවට පරිසරයට ආලෝකය ලබා දීමටත් අවශ්‍ය වන්නේ තමා
ඇතුලතින්ම ඇති වන කිසිවෙකුගෙන් නොයැපෙන ආදරය කරුණාව සොබාදහමෙන් ලැබෙන මරණය
එන තුරු....
Wednesday, January 17, 2018
රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා... සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා...
මිනිසා කියන සතා ටිකෙන් ටික හිතන්න පෙළබෙන පරිණාමයේදී නොයෙකුත් නිර්මාණශීලි දේවල් බිහි වී ඇති බව මිනිස් ඉතිහාසය ගැන කියැවීමේදී අපට ඉතා හොඳින් පෙනෙන දෙයක්.. එක් එක් කාල වකවානු වල එක් එක් සමාජ තල වල එක් එක් විදිහේ මිනිසුන් අතරින් නිර්මාණය වූ බොහෝ දේ අද වෙනකොට මුල් බිහි වීමෙන් කොයි තරමක් ඈත් වී ඇත්දැයි කියා නම් පැහැදිලි නැති නමුත් සමහර නිර්මාණශිලි මිනිසුන්ගේ විස්වාසයන් මත බිහි වු විවිධ දේ සොයා බැලීම අත්හදා බැලීම පිළිපැදීම නම් නොනවතින චක්‍රයක්... මේ චක්‍ර ගැන කතා කරද්දි මිනිස් ශරීරය පුරා දිව යන ශක්තීන් ගැන කතා කරන චක්‍ර වර්ගයක් ගැන ලියන්නයි අද මම යන්නේ...
Monday, January 15, 2018
එහෙ මෙහෙ දුවන කූඹියෝ එක්ක නෙමේ...තරඟ කරන්න තමන් එක්කම කාලය එක්ක...
ඔබේ දරුවන්ට හුරු කරන්න තමන් එක්කම තරඟ කරන්න. ඊයෙට වඩා අද, අදට වඩා
හෙට තමන් ඉන්න තැනින් මානසිකවත් ශාරීරිකවත් පියවරක් ඉදිරියට තබන්න කාටවත්
නොරිදවා... ඔව් කාටවත් නොරිදවා....අන්තිමට කිව්ව දේ නම් එතරම් ලේසි නැ.. ඒත් මනසින් උසස්
මිනිස් සතෙක් විදිහට අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕන මිනිස්සුන්ට නොරිදවා
ඉන්න... මිනිස්සුන්ට වගේම සතුන්ට ගහ කොළ ඇතුලු අප අවට පරිසරයටත්...
තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක ඒවායෙන් ඉවත්ව ගල් යුගයේ තබා දරුවන් හදනවාට වඩා මිටියක් අතට දී අත තලාගන්නේ නැතිව ගල් ලෙන බිඳ, ලෙන් දොර හරින්නට ඔවුන්ට කියා දුන්නොත් ඔවුන් ඔබවත් රැගෙන නව මංපෙත් කරා යමින් මායාකාරී වානිජකරණයටවත් පටු දේශපාලන අරමුණු වලටවත් ලිංගික අසහනකාරීන්ටවත් අසු නොවී වගකීම් සහගත ආදරණීය පුරවැසියන් බවට පත්වේවි....
Saturday, January 13, 2018
කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස...
මේ
හැමදාම කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස තරම් මාව ආකර්ශණය කර ගන්න පුලුවන්
දෙයක් තවත් මෙළොව නැතුව ඇති... බිඳි බිඳි නැගෙන රළ නඟින මහ මුහුද ඇරුනම...
මේ වගේ මොහොතින් මොහොත පාට වෙනස් වෙන නැවුම් සුන්දර සිතුවමක් පරිස්සමින් අඳින කෙනෙකුට ජීවිතයක් පුරවන්න පුලුවන් හිස් තැන් නොපෙනෙන්නම...
මේ වගේ මොහොතින් මොහොත පාට වෙනස් වෙන නැවුම් සුන්දර සිතුවමක් පරිස්සමින් අඳින කෙනෙකුට ජීවිතයක් පුරවන්න පුලුවන් හිස් තැන් නොපෙනෙන්නම...
Friday, January 12, 2018
මා නොදකින කොන්ක්‍රීට් කඳු වල සුන්දරත්වය දකිනා මිනිසුන්...
කොන්ක්‍රීට් කඳු බලන්න මිනිස්සු කට්ට කාගෙන යන්නෙ ඇයි කියන එක පුංචි කාලේ ඉඳලම මට තියන උහතෝකෝටික ප්‍රශ්න වැලෙන් එකක්..
වැස්ස
දවසක තමන්ගේ ගේ ලඟින්ම ගලාගෙන යන පුංචි දිය දහරක මිල කල නොහැකි
සුන්දරත්වය දකින්න බැරි මිනිස්සුන්ගේ ඇස් වල පෙනීම මොන වගේ වෙන්න ඇති ද
කියලා A/L වලට ජීව විද්‍යාව හදාරද්දි, මේ වයසේදීම මේ කාමරයේ දීම පරම්පරා කීපයකම උසස් පෙළට පාඩම් කල අය බිත්ති හතරේ එක් එක් තැන් වල ඇඳලා තිබුනු රූප අතරට මමත් මගේ කොටස එක් කරන්න ඕන කියල හිතුනු එක් පාලු රැයක, ඇසක හරස්කඩක් බිත්තියේ පැන්සලෙන් අඳින ගමනුත් මම කල්පනා කලා...
Wednesday, January 10, 2018
සහෝදරයාගෙන් නැඟුනු පැනයක්... මිනිස් වර්ගයා යනු කවුරුන්ද....
ඉතා ඈත අතීතයේ පටන්ම මිනිස් වර්ගයා මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස කියා විප්ලව, විමුක්ති සටන් මෙහෙයවමින් සිය දහස් ගණනකගේ ලේ කඳුලු සොලවා තවත් සිය දහස් ගණනකගේ ජීවිත සදාකාලික අඳුරු අගාධ වලට ඇද දමමින් කරන්නා වු දේශපාලන මෙහෙයුම් වලට කලින් කී දෙනෙක් මේ මිනිස් වර්ගයා යනු කවුරුන්ද කියා සොයා බලා අධ්‍යයනය කර තිබේ ද...
Saturday, January 6, 2018
කියවීම,ලිවීම සහ (කටපාඩම්) අධ්‍යාපනය....
කියවීම කෙනෙක් පුහුණු කරන්න ඕන අලුත් දැනුම එකතු කරන්න.. ලිවීම පුහුණු කරන්න ඕන ඒ එකතු කරගත් දැනුමෙන් මතුවන අලුත් අදහස් ලියන්න.. කියවීම ලිවීම පුහුණු කරන අධ්‍යාපනයක් කල යුත්තේ කෙනෙක් එකතු කරගත් දැනුම මැන බැලීමට වඩා ජීවිතයට ඒ දැනුම ප්‍රායෝගිකව එකතු කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.. එහෙම උනා නම් අධ්‍යාපනය කියන්නේ තරඟයක් පීඩනයක් වදයක් නොවෙන්න තිබුනා නේද කියා මසිත විමසයි නම් ඇයි මම එය නොලියා ඉන්නේ...
Friday, January 5, 2018
මිනිස්සු ඉන්නේ සතුටෙන් ද...
දරුවෙක් ඉපදීමෙන් පසුව අවුරුදු 6න් ආරම්භ වන අධ්‍යාපනය අවුරුදු 13කින් නිම වන විට ඒ දරුවාට අවුරුදු 19ක්.. ඉන් පස්සේ උසස් අධ්‍යාපනයට අවුරුදු 3ක් හෝ 4ක් නම් වයස 23/24 ක්..(තවත් ඉහලට ඉගෙන ගන්නවා නම් වයස ඊටත් වැඩියි) ඉන් පසුව රැකියාවක් සොයාගෙන යම් ස්ථාවරයක් හදා ගන්නා විට වයස 29ක්.. ඉන් පස්සේ කසාඳයක් බැඳ ළමයි හදලා ඉවර වෙද්දි ජීවිතේ මැදි වයස.. එතනින් එහාට තමන් අමතක කර දරුවන් වෙනුවෙන් තමන් පොඩි කාලේ කරගෙන ආව දේවල් කල යුතුයි.. ඉතින් කොහෙද මිනිස් මනසට විවේකයක් අලුතෙන් හිතන්න නිර්මාණශීලි දෙයක් කරන්න... සන්සුන්ව ජීවිතය විඳින්න..
Subscribe to:
Posts (Atom)
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.