Friday, January 12, 2018

මා නොදකින කොන්ක්‍රීට් කඳු වල සුන්දරත්වය දකිනා මිනිසුන්...

කොන්ක්‍රීට් කඳු බලන්න මිනිස්සු කට්ට කාගෙන යන්නෙ ඇයි කියන එක පුංචි කාලේ ඉඳලම මට තියන උහතෝකෝටික ප්‍රශ්න වැලෙන් එකක්.. 

වැස්ස දවසක තමන්ගේ ගේ ලඟින්ම ගලාගෙන යන පුංචි දිය දහරක මිල කල නොහැකි  සුන්දරත්වය දකින්න බැරි මිනිස්සුන්ගේ ඇස් වල පෙනීම මොන වගේ වෙන්න ඇති ද කියලා A/L වලට ජීව විද්‍යාව  හදාරද්දි,  මේ වයසේදීම මේ කාමරයේ දීම  පරම්පරා කීපයකම උසස් පෙළට පාඩම් කල අය  බිත්ති හතරේ එක් එක් තැන් වල  ඇඳලා තිබුනු රූප අතරට මමත්  මගේ කොටස එක්  කරන්න ඕන කියල හිතුනු එක් පාලු රැයක, ඇසක හරස්කඩක්  බිත්තියේ පැන්සලෙන් අඳින ගමනුත් මම කල්පනා කලා...

කොහොම නමුත් අනිත් අයගේ ඇස් වලින් මට ලෝකය දකින්න නොහැකි නිසාම අන්තිමේ මම හිතුවා මම නොදකින සුන්දරත්වයක් කොන්ක්‍රීට් කඳු වල මිනිස්සු දකිනවා ඇති කියලා.. 

පින්තූර සහෝදරයාගෙනි
පින්තූර සහෝදරයාගෙනි











නිමිත්ත.. Sydeny Opera House පිටත භුමියේ කට්ට අව්වේ 
වේලෙන මහා ජන ගඟ.  

3 comments:

  1. තමන්ගේ රට, නෑදෑ පරපුර, අරක මේක ඔක්කොම අත ඇර දාලා ආගන්තුක පරිසරයකට මංගච්චන එකත් ඉතින් ඔට වගේ තමයි චතූ...නැද්ද හා ඉතිං...?

    ReplyDelete
    Replies
    1. චෙෆාකි, පුංචි කාලේ ඉඳලම මට දැනෙන්නේ ලෝකේ හැම තැනක්ම හැම කෙනෙක්ම මගේ කියලයි.. මේ ලොකේ කිසිම තැනක් කිසිම කෙනෙක් තවම මට ආගන්තුකයි කියලා දැනිලා නැ...

      මේ ලොකේ කොහෙටත් පායන්නේ එකම ඉර හඳ චෙෆාකි...අපි හැමෝම පය තියන් ඉන්නේ එකම මහ පොළොවට...දකින්නේ එකම අහස...(හැබැයි ඒ ඒ කෙනා දාගෙන ඉන්න කණ්නාඩිය අනූව පාට නම් වෙනස් ) එහෙම නේද...

      Delete
    2. අද මගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ එක් කකුලක ආබාධයක් තියන තරුණ ගැහැනු කෙනෙක්.. ඇය තනියම ඇයගේ හැමදෙයක්ම කර ගන්නවා.. modify කරපු කාර් එකකුත් ඇය තනිවම පදවනවා..

      පිටි පස්සේ ගෙදර ඉන්නේ වයසක ඉන්දියානු ජෝඩුවක්, එයාලගේ පුතා ඉඳහිට එනවා එයාලව බලන්න.. මගේ ගෙදර යතුර අමතක උනාම මට මගේම අම්මයි තාත්තයි වගේ...

      උඩින් ඉන්නේ වයසක චීන ජාතික පවුලක්.. ඒ අන්කල්ගේ ප්‍රියතම වැඩේ තමයි එයා පණ වගේ ආදරය කරන වාහනේ සෝදන එක.. මගේ තාත්තත් ඔය වැඩේ කලා හරිම ආසාවෙන්..

      ඊට ටිකක් එහායින් ඉන්නේ පිරිමි ළමයින්ම 3 දෙනෙක් ඉන්න බොහොම කලබල චීන ජාතික පවුලක්.. මගේ පුතයි මේ පුතාලා 3දෙනෙයි යන්නේ එකම ඉස්කෝලෙට..

      තවත් මේ අවට ඉන්න අය ගැන මට කියන්න පුලුවන්.. මේ හැමෝම මට මගේම අය වගේ.. අර එක කකුලක ආබාධයක් තියන තරුණ ගැහැනු කෙනා සමහරදාට මගෙන් උදව් ඉල්ලනවා ගේන බඩු පහළ ගරාජ් එකේ ඉඳලා උඩට ගේන්න.. එදාට ඇය ඇගේ ජීවිත කතාවෙන් කොටසකුත් කියනවා..

      ඉන්දියානු යුවළ හරිම ආදරෙයි මගේ පුතාට..කොයි වෙලේ දැක්කත් කතා කරන්වා.. චීන ජාතියක දෙපළම හරිම ලෙන්ගතුයි.. දරුවොත් ඒ වගේ...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.