Saturday, January 6, 2018

කියවීම,ලිවීම සහ (කටපාඩම්) අධ්‍යාපනය....

කියවීම කෙනෙක් පුහුණු කරන්න ඕන අලුත් දැනුම එකතු කරන්න.. ලිවීම පුහුණු කරන්න ඕන ඒ එකතු කරගත් දැනුමෙන් මතුවන අලුත් අදහස් ලියන්න.. කියවීම ලිවීම පුහුණු කරන අධ්‍යාපනයක් කල යුත්තේ කෙනෙක් එකතු කරගත් දැනුම මැන බැලීමට වඩා ජීවිතයට ඒ දැනුම ප්‍රායෝගිකව එකතු කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.. එහෙම උනා නම් අධ්‍යාපනය කියන්නේ තරඟයක් පීඩනයක් වදයක් නොවෙන්න තිබුනා නේද කියා මසිත විමසයි නම් ඇයි මම එය නොලියා ඉන්නේ...

දරුවෙකුගේ මතකය ඉතා හොඳයි නම් කියවීම ඉතා හොඳයි නම් කුඩා කල පටන්ම ගිරවෙක් වගේ කටපාඩම් කිරීම මිස ජීවිතය ගැන අවබෝධයක් ලැබෙන අධ්‍යාපනයක් ලබා ගන්න ඉඩක් තියනවද.. බොහෝ දරුවන් දන්නෙත් නැහැ ඇයි තමන් මේ දේවල් කටපාඩම් කරන්නේ කියා..

අධ්‍යාපනය තාක්ෂණික පැත්තෙන් වගේම මානුශීය පැත්තෙනුත් දරුවන්ව ඉහළට ගන්න එහෙමත් නැත්නම් ජීවත් වෙන්න අධ්‍යාපනයක් හදන්න පුලුවන් නම්.. දරුවන්ගේ පෞර්ශයත් වර්ධනය කරමින් ජීවත් වන පරිසරයට අඳාල අධ්‍යාපනයක් මානවවාදය සහ පරිසරය පදනම් කරගෙන බිහි වෙනවා නම් ගුරුවරුන් සමග අත්වැල් බැඳගෙන ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුලුවන් ප්‍රායෝගික දැනුම ඇති වැඩිහිටියන් බිහි වේවි...




නිමිත්ත..දැනුම මිනුම තරඟ වල ගිරව් වගේ පිළිතුරු දෙන කුඩා දරුවන් පිරිසක්....

2 comments:

  1. ඒකනේ මීට කට පාඩම් අධ්‍යාපනයට සීමා නොවූ සිසුවෙක්

    - ජෑ මා -

    ReplyDelete
    Replies
    1. "කට පාඩම් අධ්‍යාපනයට සීමා නොවූ සිසුවා" ඉගෙන ගත් පාඩම් ලියා තබන්න.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.