Friday, March 2, 2018

බහුතර මතය ගැලපෙන්නේ මොන වගේ මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයකට ද..

යල් පැනපු මති මතාන්තර වලින් ඔලුව පුරවගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න,

අනිත් කෙනාට මොනව උනත් කමක් නැ "මම" ගොඩ ගියොත් කියලා හිතන බහුතරයක් ඉන්න, (මේ මම ඇතුලේ ඉන්නවා නම් පරම්පරා දහයක් විතර)

නීතියටත් උඩින් ජාතිය,ආගම්,සිරිත් විරිත් ඔලුව උඩ තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න,


උදව්වක් කලොත් ආපස්සට සීමාවක් නැතුව උදව් බලාපොරොත්තු වෙන, කරපු (එකම) උදව්ව කියව කියව ඇවිදින, බාල පරම්පරාවෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන බහුතරයක් ඉන්න,

තරුණ කාලේ ඉතාම දරුණු ලෙස රැඩිකල් අදහස් දරමින් සිට පවුල් පන්සල් වී මැදියම් වයසට එන විට හිතා ගන්න බැරි තරම් සාම්ප්‍රදායක වෙන බහුතරයක් ඉන්න,

බැහැ කියන්න ඕන තැන් වලදි ඔව් කියන , ඔව් කියන්න ඕන තැන් වලදි බැහැ කියන.. එක් මතයක ඉන්න බැරි මඩේ හිටවපු ඉන්නක් වගේ තමන්ගේ වාසියට වැනෙන බහුතරයක් ඉන්න.

වාද විවාද, රණ්ඩු සරුවල් මිස මිස අනිත් කෙනාට නිදහස් නිවහල් මතයක් දරන්න නොහැකි බව හිතන බහුතරයක් ඉන්න,

අනිත් කෙනාගේ මතයට තමන් අකමැති නම් කල යුත්තේ එය සාමකාමීව පිලිනොගැනීම පමණක් බව සිතන්න නොහැකි බහුතරයක් ඉන්න,

මනුස්සකමට වඩා සල්ලි බලයට, තනාන්තර වලට කොන්ඳ නමන බහුතරයක් ඉන්න,

සමාජයක බහුතර මතයට කිසියම් දෙයක් ක්‍රියාත්මක වේ නම් එහි ප්‍රතිඵල විඳින සුලුතරය කුමක් කල යුතු ද ?

සුලුතරය ගිහිගෙය හැර යා යුතු ද, සියදිවි හානි කර ගත යුතු ද වෙනත් සමාජ සොයා යා යුතු ද.. අකමැත්තෙන් හෝ බහුතර මතයට එකඟ වෙන්න ඕන ද.. එහෙමත් නැත්නම් අදෘශ්‍යමානව (පෙනෙන නොපෙනෙන)  ඉන්න ඕන ද..



(තවත් බොහෝ දේවල් මේ සටහනට එකතු කරන්නත් පුලුවන්.. )

4 comments:

  1. සහ 2500ක කතාවක්ද නිතර මතුරන...

    ReplyDelete
  2. අපිට ඕන කරන්නෙ,හොඳ චන්දාපේක්සකයො ඉන්න රටක් නෙමේ,හොඳ චන්දදායකයො ඉන්න රටක්.

    ReplyDelete
    Replies
    1. කොහොමද ඇනෝ ඔය කියන //හොඳ චන්දදායකයො// හදා ගන්නේ ?

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.