යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම්
නොයන් පුත ඒ මල් කඩා විසිරුවා
පයට පෑගෙන මල් පෙත්තක වුව
සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමි
ගසකට මලක් අලුතින් පලඳවනු නොහැකිය, හිතෙන දිනෙක ගසම මලක් පුබුදුවා ගන්නවා මිසක යැයි ප්‍රේමකීර්ති ද අල්විස් නම් මානව හිතවාදියා අතින් ලියවී දශක ගණනක් ගත වුවත් එය වටහා ගත් මිනිසුන් අද තියා හෙටවත් ඉඳිදැයි සැක සහිත බව මට සිතේ...
මිනිසෙකුට
දැනෙන්න ආදරය කිරීම යනු කාලයක් තිස්සේ ප්‍රගුණ කල යුතු හරියට අපි එක් එක්
වයස් සිමා වලදි එක් එක් විභාග කඩයිම් වලට පාඩම් කලා වගේ මහන්සි වෙලා පුරුදු
පුහුණු කල යුතු දෙයක් විදිහටයි මම දකින්නේ..
මොකද විවිධාකාර අදහස්
දරණ මිනිස්සුන්ව ඉවසීම කියන්නේ හිතන තරම් ලෙහෙසි දෙයක් නෙමේ හැඟිම් වලින්
වැඩ කරන...ඉවසීම නැත්නම් හැඟිම් තිබුනට කෙනෙක්ව වටහා ගන්න බැහැ.. කෙනෙක්ව
හරිහැටි වටහානොගෙන ඒ කෙනාට දැනෙන්න ආදරය කරන්නත් බැහැ..
ඉතින්
කවදහරි කවුරු හරි මේ දේ වටහගෙන දරුවෙකුට පොඩි කාලේ ඉඳලා හුරු කලොත් විවිධ
මත ඉවසමින් මිනිස්සු එක්ක නිවැරදි සන්නිවේදනයක් පවත්වා ගන්න, ඒ දරුවා
වැඩිහිටියෙක් වෙද්දි කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් වෙයි ද..
//ඉතින් කවදහරි කවුරු හරි මේ දේ වටහගෙන දරුවෙකුට පොඩි කාලේ ඉඳලා හුරු කලොත් විවිධ මත ඉවසමින් මිනිස්සු එක්ක නිවැරදි සන්නිවේදනයක් පවත්වා ගන්න, ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් වෙයි ද..//
ReplyDeleteහැම විටම එහෙම වෙන එකක් නැ
හ්ම්ම්....
Delete