Wednesday, February 28, 2018

පට්ටපල් බොරු (ද )....

ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...

එසේ කලබල වේ නම් තමන් ලියා ඇත්තේ ආත්ම තෘප්තිය සඳහා පමණක් යැයි කිව්වාට තමන්ගේ හිතට හොරා තවත් අරමුණු තම හිත තුලම සැඟවී  හොල්මන් කරන නිසා ද කලබල වෙන්නේ.. මේ වගේ තවත් පට්ටපල් බොරුවක් තමයි "මම මේ ලොකේ වැඩියෙන්ම ආදරය කරන්නේ ඔයාට" කියා වෙනත් කෙනෙකුට කීම..


ප.ලි: තම හෘදසාක්ෂියට එකඟ අයට මේ ප්‍රශ්න කිරීම අඳාල නැත.

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.