Friday, December 29, 2017

අත හරින්නම බැරි තැන ඇති වන බැඳීම්...

නිදහස් සරල ජීවිතයක් සන්සුන්ව වින්දනය කරමින් ගත කරන්න තියන ලොකුම බාධකය තමයි මෙන්න මේ අත හරින්නම  බැරි තැන ඇතිවන බැඳිම් හරහා ජීවිතයේ මතු වන සංකීර්ණතා.. විහින් ඇති කර ගන්නා මේ සංකීර්ණතා නිසාම ජීවිතය දුකක් කරදරයක් මහා පටලැවිල්ලක්  ලෙස බොහෝ අය අර්ථ දක්වයි.. අත හරින්නම බැරි තැනදිත් ඔබ අත හැරියොත්.... 

Monday, December 25, 2017

දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද ....

දරුවෙකුට මව් කිරි දීම අත්‍යවශ්‍ය ද .... මව කුමන මට්ටමක හිටියත්... මව් කිරි ඇරෙන්න වෙනත් ආදේශකයක් දීම අපරාදයක් ද... වඩා  වැදගත් වන්නේ දරුවා "ජීවත්" කරවීම ද... මව කුමන මානසික (ශාරීරික) මට්ටමක හිටියත් මව්කිරි දීම ද... ඒ තීරණය ගැනීම  මවගේ අයිතියක් ද... ඇය අවට ජීවත් වන අයගේ අයිතියක් ද...

Friday, December 22, 2017

ආදරය, කරුණාව, මඳ සිනහව, මෘදු වදන් වෙනුවට ඇයි වෛරය,අකරුණාව, රැවීම්, රළු වදන්...

මිනිසා ජීවත් වෙද්දි ගනු දෙනු කියන්නේ මිනිසා සමඟම ගමන් කරන අජීවි නමුත් මිනිස් ක්‍රියාකාරකම් එක්ක ජීවි යුගල පදයක් එහෙමත් නැත්නම් වචනයක්.. මේ ගනු දෙනු වලදි මිනිසාට ඉතා ඈත අතීතයේ ඉඳලම දෙනු වලට සාපෙක්ෂව ගනු ලැබිලා නැති නිසාම ද මන්දා පරිණාමයෙදි ගනු ලබා ගන්න විවිධ ක්‍රම මිනිසා භාවිතා කරන්නේ දෙනු වලදි.. 

Saturday, December 9, 2017

පුස් වෙඩි නොවි නියම වෙඩිල්ලක් වෙන්න ඔබත් උත්සහ කරන්න..



මිනිස්සු ඇතුලේ ජිවත් වන මිනිස්සු මරා දමන්නේ මිනිස්සුන්මයි..එවැනි තැනකට මිනිසෙක් පත් වන්නේ කෙසේද... ඒ වගේම ඇයි මිනිස්සු කුනුහරුප එහෙමත් නැත්නම් අසභ්‍ය වචන කියන්න පෙළබෙන්නෙ අදහස් දැක්වීම් වලදි.. ඇයි සමාජගත වෙලා තියෙන්නේ අසභ්‍ය  වචන කියන අය තමයි "පොරවල්" කියලා.. මට නම් හිතෙන්නේ ඔවුන්ගේ ජීවිත වල ගත යුත්තක් නැහැ කියලයි.. නිකන්ම නිකම් පුස් වෙඩි..  

නොයෙකුත් පෞර්ශ දුර්වලකම් මනාව විදහා පෙන්වන මෙවැනි අවස්ථාවන් මට නම් පෙනෙන්නේ තමන් ජිවිතේ විඳපු කටුක අත්දැකීම් උගුරට හොරා බෙහෙත් බොන වෙලාවක් කියලා.. එහෙමත් නැත්නම් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැ වගේ..  එහෙමත් නැත්නම් පුහුල් හොරා කරෙන් දැනේ වගේද..  එහෙමත් නැත්නම් බෙරේ ඇතුලත හිස් වගේ... සද්දේ විතරයි.. එවැනි අය සතුටක් ලබන්නේ මොන තරම් පසුගාමි ක්‍රමයකින් ද... අන් අයව නිකරුනේ පහත් කරමින්  විදහා දක්වන්නේ තමන්ගේම පහත් බව නොවේද...

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහමු ද නැත්නම් ඊට කලින් වහමු ද ...


යොවුන් කාලේ බොහෝ රැඩිකල් අදහස් දැරූවන් ජීවිතේ මැදියම් (එහෙමත් නැත්නම් වල පයයි ගොඩ පයයි)   කාලේ බොහෝ සාම්ප්‍රදායික වන්නේ ඇයි..

Friday, December 8, 2017

18+...

ඔබ වැඩිහිටියෙක් නම් ඒ කියන්නේ වයස අවුරුදු 18ට වැඩි නම් ඔබට ස්වාධීනව කර ගත හැකි දේ මොනවාද ඔබේ ජීවිතය පවත්වාගෙන යන්න ? 



ප.ලි: ඔබට ඔබ ගැන දැනෙන්නේ මොන වගේ හැඟිමක් ද මේ "LIST" එක ලියාගෙන යද්දි...

Monday, December 4, 2017

මේ "කූඹියෝ" කොහෙද දුවන්නේ...පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ....

මේ "කූඹියෝ" කොහෙද මේ දුවන්නේ... පායනා කාලෙදි කන්න දේ රැස් කරන් නෑ වගේ.... අඩුම තරමේ ඒ මනුස්සයාව එතනින් ඉවත් කරනකම්වත් නවතින්න හිතක් නැති "කූඹි" රැළක්.....



අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.