Sunday, March 25, 2018

මා වැනි බිළින්ඳා...වර වර ලඟට කැන්ඳා...

කිසියම් රටක ප්‍රාථමික අධ්‍යාපනය කටපාඩම් කිරීමකින් තොරව ගුරුවරයා සහ දරුවා අතර විවෘත ප්‍රශ්න ඇසිමේ සහ පිළිතුරු දිමේ ක්‍රමවේදයකින් දැනට සොයාගෙන තිබෙන දැනුම තුලින් කල හැකි අලුත් ධනාත්මක දේ ගැන සාකච්ඡා කෙරෙන ක්‍රමයක් සැකසුනා නම් ..(විභාග වලින් දැනුම මැනීම නතර කර )


රටක රජයක් මේ ගැන අවධානය යොමු කරන්න කලින් මම හිතන්නේ එහි ජීවත් වන දෙමාපියන් වැඩිහිටියන් මේ ගැන හිතන්න ඕන.. මොකද පොතින් පතින් මොනවා ඉගෙන ගත්ත ද කෙනෙකුගේ ජීවන රටාව තීරණය කෙරෙන මුලික සාධකය සමාජයේ කුඩාම ඒකකය වන පවුල බැවින්...

තම දරුවන්ට ප්‍රශ්න අසමින් ඒ අසන ප්‍රශ්න මඟ නොහැර කරදරයක් ලෙස නොසිතා ඉවසීමෙන් පිළිතුරු දෙන්න, ප්‍රශ්න අසන දරුවා නොයෙකුත් විදි මඟින් නිහඬ නොකර දැනුම් පිපාසාව සංසිඳුවා ගන්න යා යුතු මඟ පෙන්වා දෙන , යාථාර්තවාදී නව අදහස් වලට ඉඩ දෙන, දෙමාපියන් පිරිස වැඩි වේ නම් රටක දියුණුව වැඩි ඈතක නොවේ.. මොකද කටපාඩමට වඩා අවබෝධය බොහෝ ඉදිරියෙන් සිටින නිසා කවදත්...

අවබෝධයකින් යුතුව  ඉවසීමෙන්  තම දැනුම ස්වාධීනව වගේම උපායශීලීවවත් මෙහෙයවන්න හැකි තරුණ දරුවන් බිහි කිරීම ඈතට යන්න යන්න රටක දියුණුව අත පොවන්න නොහැකි දුරකට ඉඟිලෙන්නේ බලාගෙන ඉද්දිමයි.. ඉන් පස්සේ මොන විදිහේ අරගල කලත් ඒ ගිය නුවණ ඇතුන් ලවාවත් ආපහු අරගන්න බැහැ කියලා පරම්පරා ගාණක් තිස්සේ ඇස් පණාපිට පෙනි පෙනී හිරු දුටු පිණි මෙන් අමතක කර එදාවේල ගැන පමණක් සිතන මිනිසුන් ගැන කුමක් කියන්නද.... 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.