දරුවෝ ටික ටික ලොකු වෙනකොට හරි කැමතියි අපි එයාල එක්ක කතා කරනවා නම්
වෙනම වෙලාවක් වෙන් කරගෙන.. මගෙයි පුතාගෙයි මේ වෙලාව තමයි නිදා ගන්න වෙලාව,
ගෙදර ඔක්කොම ලයිට් නිවලා සද්ද බද්ද නැති නිහඬම වෙලාව, මේ වෙලාවට සාලෙ
තියන බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්දෙත් ඇහෙනවා..ඒ තරන්ම නිහඬයි...
මේ වගේ කතා කරද්දි අනාගතයේදි පුතාට මුහුණ දෙන්න තියන දේවල් මතක් වෙද්දි මට
අහන්න හිතෙන්නෙම නැති ප්‍රශ්නයක් තමයි පුතා ලොකු උනාම අපිව බලා ගන්නවද
කියන එක... මේ පුංචි දරුවන්ව අපි මේ ලොකේට බිහි කරලා අමාරු ගමනක්
යන්න ඉඩ සලස්වල කොහොමද කියන්නේ අපිවත් බලා ගන්න කියලා.. එයාට වෙහෙස දැනෙන
එකක් නැද්ද... එහෙම හිතෙද්දි මගේ ඇස් වල පිරෙන කඳුලු හංඟ ගන්න එක තමයි
අමාරුම...
No comments:
Post a Comment