Monday, August 28, 2017

ඔබේ හැඟිම් වලට වහල් වීමට තප්පරයකට පෙර.....


අප ජීවත් වන  සමාජය හරිම පුදුම සහගතය.. පන්සල් හා බැඳි නොයෙකුත් දාන මාන  ධර්ම දේශනා පින් කම් නිමක් නැතිව කරනා මේ සමාජය ජීවිතය දුකක් බව ඒ දුකින් මිදීමට පින් රැස් කල යුතු බවත් පවින් මිදිය යුතු බවත් නිතර දෙවේලේ පවසයි... ඒ පවසන සමාජයේම ජීවත් වන වැඩිහිටියන් තමන්ගේ හැඟිම් වලට වහල් වී කසාඳ බැඳ නව ජීවයන්  බිහි කරයි. ඉන් පසු ඒ නව ජීවිත ද ඒ මාර්ගයේම දක්කා ගෙන යාමට දිවි පරදුවට තබා වෙහෙසේ....

Thursday, August 24, 2017

නීතිය තියෙන්නේ .......


1.  කටුකුරුන්ද සණස සභාපතිනියට හා ඇයගේ පස්‌ හැවිරිදි දරුවාට ඇසිඩ් ගැසූ හිටපු සභාපතිනිය රිමාන්ඩ්.


2. නීතිඥවරු විශාල පිරිසක්‌ සැකකාරියට ඇප ලබාදෙන ලෙස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

3.  ඇයි ඒ ?

නීතිය තියෙන්නේ නිවැරදිකරු රකින්න ද වැරදිකරු රකින්න ද නැත්නම් මුදල් ගනුදෙනු කරන්න ද  ?








ප. ලි: තමන්ට දෙයක් නොලැබුනාම තමන්ගෙම දරුවටත් ඇසිඩ් ගහන දවස වැඩි ඈතක නොවේ යැයි මට සිතේ...

Wednesday, August 23, 2017

නිමිත්ත : අලුත උපන් දරුවෙකුගේ අම්මා කෙනෙකුගේ සටහනක්.

ළමයෙක් ලැබුනම ළමයට ආදරේ කරන්නේ තමන්ව අම්මෙක් කලාටලු... තමන්ගෙම නවත්තා ගත නොහැකි වූ හැඟිමක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන දරුවට ආදරය කරන්න ඕන තමන්ව අම්මෙක් කලාට ද ..... 

එතකොට තමන්ව අම්මෙක් (තාත්තෙක්) නොකරන තමන් අවට ඉන්න අනිත් අයගේ දරුවන් ගැන තමන්ගේ හිතේ තියෙන්නේ (තියෙන්න ඕන)  මොන වගේ හැඟිමක් ද ?

නිගමනය : (සාමාන්‍ය) මිනිස්සු ආදරය කරන්නේ තමන්ට කෙනෙක් හරහා ලැබෙන දේවල් වලට.... නැතුව ඒ කෙනාට නෙමේ (ද)  ? 



Tuesday, August 1, 2017

බලන්න ඔබේ නොපෙනෙන අරුම පුදුම "බඳුන" පිරිල ද හිස් ද ?

අද මම කියන්න යන්නේ  ඔබත් සමඟ ඉපදුනු දා සිට ගමන් කරන අරුම පුදුම  බඳුනක් ගැන. මේ බඳුන ඔබට වගේම ඔබ අවට ඉන්න හැමෝටමත් හරිම වැදගත්.. මොනවද දන්නවද මේ බඳුනේ තියෙන්නේ..හිතන්න බලන්න. නිතරම ඔබ ලඟම තියන මේ බඳුනේ තියෙන්න පුලුවන් මොනවද ?
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.