Wednesday, March 7, 2018

මිනිසා සුවඳයි මල සේ (ද) නුවණින් එළියයි හිරු සේ (ද)..

මිනිසුන් ජීවත් වන කිසියම් තැනක නීතිය සංස්කෘතික අංග වලින්, ආගම් වලින් (වගේම තව නොයෙකුත් දේවල් වලින්) වියුක්තව සෑම කෙනෙක්ම මිනිසෙක් පමණක් බව සිහියේ තබා ගෙන ස්වාධීනව හදා ගන්න මිනිස් දැනුම කාලය ශ්‍රමය වැය කරනවා මිසක් එක් එක් පුරවැසියා තම තමන්ට දැනෙන දේ අනූව නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වීමෙන් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට හැමෝම ආපස්සට යෑම කියන එක ඉතාම ඛේදනීය අතීතයකින් පසුවවත් මිනිස්සු ඉගෙන ගන්න ඕන බුද්ධිය මෙහෙයවා.. එයට මේ තරම් කල් යන්නේ හැඟිම් වලට වහල් වෙන බහුතරයක් නිසා පමණයි.

මතක තියා ගන්න මේ අයාලේ යාම් වලින් වාසි ගන්නේ දේශ පාලුවන් (සහ ඊට යටින් සිටින වාසි ලබන්නන්) බව... එය වටහා ගන්න තරම් හැඟිම් පාලනය කර ගත් පිටතින් නිහඬ ඇතුලතින් නිහඬ නොවන බුද්ධිමත් මිනිස්සු බහුතරයක් ඉතාම ඉක්මනින් ඕන ලෝකේ කොහෙත්...

ඕනම දෙයක් තීරණය කිරීමට පෙර වගේම ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීමේදී මිනිසාට පමණක් නොව අවට පරිසරයටත් වන බලපෑම කිසිවෙකුට යටත් නොවී සමබරව දකින්න පුලුවන් මිනිස්සු බිහි කරන්නේ කෙසේද




2 comments:

  1. Replies
    1. වැව්, මගේ මුහුණු පොතේ එකම එක කෙනෙක් පවතින තත්වය වටහා නොගෙන කවුරු හැදුවද කොහෙන් ආවද ගැලපෙනව ද කියලා නොහිතා පල කරපු සටහනක නොගැලපීම ගැන මම ලිව්ව වචන ටික තවත් කෙනෙක් විසින් වාද පිටියක් (කිසිදිනක මම සම්බන්ධ නොවන) බවට පත් කර ගැනීම නතර කර ගන්නයි මේ ඒ වෙලාවේ මගේ අතින් ලියැවුනු අදහස් ටික බ්ලොග් එකේ පල වෙන්නේ..

      මේ අදහස් ටික මගේ wall එකේ කිසිම කෙනෙකුට සම්බන්ධ නැතුව පළ කරන්නත් මම දවසක් ඉවසුවා..

      අර මුලින් කිව්ව සටහන ඒ කෙනාම ඉවත් කරගෙන වෙනත් මාර්ගයකට සිත යොමු කරගෙන කියලා අද වෙද්දි පේනවා..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.