Tuesday, March 20, 2018

මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා....

බොහෝ දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම් හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..

එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්න තරම් ආත්ම විස්වාසයක් නැතිකම පමණමයි.. තමන් අකමැති දේවල් වලින් ඈත් වීම (ස්වාධීන) වැඩිහිටියෙක් වෙද්දි ඉතාම පහසුයි...කැමති දේවල් ලං කර ගැනීමත් හරිම පහසු දෙයක්.. ඕන වෙන්නේ සතුටින් ඉන්න ආස කරන කිසිවෙකුට යටත් නැති නිදහස් නිවහල් මනසක් විතරමයි..

ඒකට ඉපදුනු,ජීවත් වු, දැන් ජීවිතය ගත කරන රට, අනාගතේ යන්න ඉන්න රට කිසිසේත්ම අඳාල නැහැ..කොටින්ම නිදහස් නිවහල් මනසක් ජීවත් වන සමාජයෙන් වියුක්ත, තම තමන් මහන්සි වී සිහියෙන් ඇති කර ගත යුත්තක් බවයි මගේ හැඟිම.. ඔබට මොකද හිතෙන්නේ....


හැබැයි ඉතින් මේ සින්දුව නම් හරිම මිහිරි මතක අවදි කරන බව නම් නොකියාම බැහැ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.