Tuesday, March 6, 2018

මිනිසාට මිනිසා තවම 100% විස්වාස නැද්ද...

දාන මාන කරද්දි ඔබ ඔබට ලැබෙන පින් කන්ද ගැන විතරක් නොහිතා ඒ දානය දෙන කෙනා හෝ අවස්ථාව ස්වාධීන මිනිසුන්/පරිසරයක් බිහි කරන්න භාවිතා කරනවා නම් ගිය ආත්ම වල පව් කරපු අය අඩු වෙලා පින් කරපු අය වැඩි කර ගන්න මේ ආත්මයේම පුලුවන් වෙයි කාලය එක්ක මට හිතෙන්නේ...

මුදල් (සම්පත්, ඔබේ දැනුමත් එක සම්පතක්) කියන දේ සංසරණය වෙන්න ඕන තියන අය අතර විතරක් නෙමේ.. මිනිසා මිනිසා බෙදා වෙන් කිරීම නැවතුනා නම් පව් පින් වගේ සංකල්ප (එහෙමත් නැත්නම් ආගම්) නිර්මාණය කරන්න අවශ්‍යත් නැහැ... තවම මිනිස් මනස ඒ වගේ සමතුලිත තැනකට ඇවිත් නැහැ...පරිණාමයේදි තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න තමා වටා අවට පරිසරයෙන් හොයා ගත් සම්පත් ගොඩ ගසපු මිනිස් සතාම තමයි තවම ඉන්නේ.. නැද්ද කියා බලන්න ඔබේම ගෙදර දිහා...

කෙනෙකුට දෙයක් දෙන්න මිනිසා තවම බාහිර හේතු හොයනවා තම මනසින්...ඒ වගේම මිනිසාට මිනිසා තවම 100% විස්වාස නැහැ.. දීම අවශ්‍ය තැනකදි හේතු රහිතව ආපිට කිසිවක් බලාපොරොත්තු නොවී දෙන්න තවම මිනිස් මොළය ඉඩ දෙන්නේ හරිම සීමිත දෙනෙක්ගේ පමණයි.

1 comment:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.