Thursday, May 31, 2018

දිලීප පොඩි පුතු සනීපයට නිදි...

"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි,  මගේ ජීවිතේ එක අඩියක් පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..

Saturday, May 19, 2018

උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...

කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..

Wednesday, May 16, 2018

මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද...

ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...

Tuesday, May 15, 2018

ඔබ සුදුස්සෙක් ද...

ඔබ රැකියාවකට සුදානම් විමේදි සමහර විට වසර ගණනාවක් ඒ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන් වූ විෂයන් හදාරමින් නව දැනුම සොයා යමින් ඒ වෙනුවෙන් විශේෂයෙන් සුදානම් වෙනවා නේද..

Sunday, May 13, 2018

නිදහස...

මම  ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ  කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදර‍ය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ සියලු හැඟිම් කාලය විසින් නිවා සනහා සඟවා ඇත. 

Saturday, May 12, 2018

සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..

ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම නෙමේ..)

Friday, May 11, 2018

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..

Wednesday, May 9, 2018

සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...

ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..

Sunday, May 6, 2018

පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති දරුවෙක් හදමු ද....

හැදෙන වයසේ පුංචි දරුවෙකුට අපි පැහැදිලි කරලා කිව්වොත්, ඇත්ත කියන එකෙන් හිතට දැනෙන නිදහස් හැඟිම, ඉඩ හදලා දුන්නොත් ඇත්ත කියන කොට දැනෙන්නේ හොඳ හැඟිමක් කියන එක, ඒ දරුවා පළවෙනි පියවර තබනවා පැත්ත ගියත් ඇත්ත කියන්න.. මොකද දරුවන් හැම විටම කැමැති තමන් හොඳ කෙනෙක් කියලා දකින්න.. දරුවන් විතරක් නෙමේ වැඩිහිටියන් වුනත්..කිසිම කෙනෙක් කැමැති නැ තමන් වැරදිකාරයෙක් වෙනවා දකින්න..

ඇත්ත කිව්වෙ නැත්නම් දඬුවම් කරනවා  (නැත්නම් පව් සිද්ද වෙනවා කිව්වොත්) කියන දේ අපි දරුවෙකුගේ හිතට ඇතුල් කලොත්.. එහෙමත් නැත්නම් අපි කිව්වොත් "ඔයා ඇත්ත කිව්වේ නැත්නම් ලොකු කරදරේක වැටෙනවා" කියලා, මිනිස් මනස තාර්කිකව හැම විටම උත්සහ කරන්නේ තමන්ව ආරක්ෂා කර ගන්න නිසා, දරුවෙක් ඇත්ත කියනවට වඩා පෙළබෙන්නේ බොරු කියන්න.. එකක් දෙකක් නෙමේ.. බොරු වැලක් කියන්න දරුවන් ඉතා ඉක්මනින් හුරු වීම අපිට නවත්වන්න බැහැ, ඇත්ත "බය" එක්ක එකතු කරලා දරුවන්ගේ මනසට පොඩි කාලේම ඇතුල් කලොත්...

ඒ නිසා හැමැවිටම උත්සහ කරන්න දරුවෙක් ඇත්ත කතා කල යුතු තැනකදි "බය", "දඬුවම්", "අහිමි කිරීම්" වැනි සෘනාත්මක හැඟිම් ගාවා නොගෙන, ආදරය,සතුට, අගය කිරීම් වගේ ධනාත්මක දේවල් වලට ඉඩක් දෙන්න.. කොටින්ම වැඩිහිටි ඔබ හැඟිම් පාලනය කර ගන්න ඉගෙන ගන්න දරුවන් එක්ක වැඩ කරද්දි.. දරුවන් මේ ලොකේට බිහි කරන්න කලින්..


මේ ඇත්තට කෙලින්ම සම්බන්ධයක් නැති උනත්, අපේ අම්මා ඇවිත් හිටිය කාලේ, දවසක් පුතාගේ සෙල්ලම් බඩුවක් ඇඳ යටට ගිය වෙලේ, පුතා ඒක ගන්න ඇඳ යටට රිංගන්න යද්දි, අපේ අම්මා කිව්වේ , "හා හා පුතේ,  ඇඳ යට monsters  ල ඉන්නවා, යන්න එපා, මම අරන් දෙන්නම්" කියලා ..

මේ කතාව ඇහිලා එතනට මම  එද්දි පුතා හිටියේ ඇස් දෙක ලොකු කරගෙන අත්තම්මා දිහා බලාගෙන, මොකද මම කවදාවත් එයාගේ ඔලුවට දාලා තිබුනේ නැහැ ඇඳ යට ඉන්න monsters ලා ගැන.. ඉතින් මම කලේ "පුතේ ඔයා හිමින් පරිස්සමින් ගිහින් toy එක අරන් එන්න, ඔයාට පුලුවන් ඒ දේ කරන්න" කියලා කිව්ව එක.. 

මීට කලිනුත් අම්මට මම කියලා තිබ්බත් ඒ වගේ "බය" කරන්නේ නැතුව, අවදානම පුතාගේ  වයසට ගැලපෙන විදිහට පැහැදිලි කරලා කියනවා මිසක්, එයාව අධෛර්ය, "බය" කරන දේවල් කියන්න එපා කියලා, මම දන්නවා අපේ අම්මා ඒ වගේ අවස්ථා වලදි වැඩ කරන්න  පුරුදු වෙලා තියන විදිහ වෙනස් වෙන්නේ නැහැ කියන එක කිසිම දවසක..


ප.ලි.: මේ මොනවා ලිව්වත් ලංකාවේ සංස්කෘතිය ඇතුලේ තියන බලෙන්, බය කරලා කොටු කරලා, දරදඬු පාලනයකින් එහෙමත් නැත්නම් මානසික කප්පම් ගැනීම් තුලින් යැපෙමින් දරුවන් හදන ක්‍රමය අද හෙට නම් වෙනස් වෙන්නේ නෑ කියන එක ඉර හඳ වගේ විස්වාස දෙයක්...

ආදරයෙන් තේරුම් ගැනීමෙන් එකිනෙකාගෙන් ස්වාධීනව,   සමඟියෙන් නිදහස්ව වගේම යාථාර්තවාදීව ජීවත් වීම කියන්නේ හීනයක් කියලා මට හිතෙනවා ලංකාවේ ජීවිත දිහා බලන කොට ලෝකේ කොහෙත් ජීවත් වන..

Friday, May 4, 2018

හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...

කෙනෙක් හිතා ගන්න බැරි විදිහේ දරුණු වැඩක් කල විට එහෙමත් නැත්නම් පාඩුවෙ හිටපු කෙනෙක්  පුංචි දේටත් අසීමිතව තරහ ගන්න විට ගොඩක් අය කියන දෙයක් තමයි, "ඒ කෙනා හරිම අහිංසක, හරිම ඉවසීමක් තිබ්බ, හරිම හොඳ තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක් නෙ, හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියන එක"

Thursday, May 3, 2018

නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...

අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්.. (අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)

Wednesday, May 2, 2018

පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි 
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.