අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු
පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත්
නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...
ඇත්තම කිව්වොත් පන්සලකට ගිය කාලයක් මතකත් නැහැ.. නොයා ඉන්න හේතු තිබ්බත් ඒ ගැන පස්සේ කතා කරමු. ඒත් පුතා ඉස්කොලේ ඇරිලා එන ගමන් කාට හරි පොඩි දරුවෙකුට අමතක වෙලා ගිය එයා ආසම කරන අලුත්ම අලුත් සෙල්ලම් කාර් එකක් බිම වැටිලා තියනවා දැක්කොත් ගෙදර අරගෙන නම් එන්නේ නැහැ.. අදින්නාදානා වේරමණි කියන සිල් පදය මම පුතාට උගන්නලත් නැහැ.. කාටහරි අමතක වෙලා ගිහින් කියලා හරි දුකෙන් මටත් කියලා ගෙදර එනවා..
ඒ වගේම බොරුවක් පුතා කිව්වොත් "මම කිව්වේ බොරුවක් නේද.." කියල හරි
කපටි හිනාවක් මුණේ තියාගෙන අහන්නත් හරි හපනා. මම එයාට මුසාවාදා වේරමණි
කියන සිල් පදය කියල දීලත් නැහැ හැබැයි. මේ දෙකම පුතා ඉගෙන ගත්තේ එදිනෙදා එයා අවට පේන්න තියන පරිසරයෙන්...
දවසක් උදේ අපි ඉස්කොලේ යන්න පාර මාරු වෙද්දි කොහේදෝ ඉඳලා ආව හුලඟක් පුතාගේ
ස්කුල් හැට් එක අරගෙන ගියා පාරේ යන වාහන මැද්දට. ඉතින් අපි ඒ ගැන අදහස අත
ඇරලා ඉස්කෝලෙ ලඟටම යද්දි මෙන්න කවදාවත් කතා කරලා නැති පුතාගෙම ඉස්කොලේ ඉහළ
පන්තියක දරුවෙක් අර හැට් එක අතටම ගෙනත් දීලා දුවලා ගියේ කොහොමද පුතාව ඒ
දරුවා දන්නේ කියලවත් හිතා ගන්න අපිට ඉඩක් ඉතුරු නොකර.. අඩුම ගානේ Thank you
කියලවත් පුතා ලවා කියවගන්න ඒ දරුවට ඕන කමක් තිබුනේ නැහැ..
'Action talks louder than words'
ReplyDeleteකයියට වඩා සද්දෙට කතා කරන්නෙ කෙරුවාව තමයි.
මොන ආගමක උනත් ඔබ ඒ ආගම හොඳට පිළිපදින්නෙක්. ඔබ වගේ අය ඉන්න බව දැනගන්න එකත් සතුටක්.
:)
Delete