Saturday, February 18, 2023

දෙන්න මට නුඹේ සතුට...

මගේ පුතු පිලිසිඳ ගත්ත දවසේ ඉඳන්ම අසාමාන්‍ය අභියෝග වලට මුහුණ දුන්නු දරුවෙක්..මුලින්ම ගර්භනී කාලයේ H1N1 වෛරසයට මාත් එක්ක සති පහේදි සටන් වැදුනු පුතු ඉපදුනාට පස්සේ මුහුණ දුන්නේ පුතුගේ පියාගේ මානසික අසමතුලිතා ගැටලු වලට..තාමත් ඒ ගැටලු වලට පුතු ඉඳහිට මුහුණ දෙනවා පුතුගේ පියා නිසි ප්‍රතිකාර දිගටම නොගන්න නිසා..Postpartum depression හැදෙන්නේ අම්මට විතරක් නෙමේ, තාත්තටත් ඒ තත්වය එන්න පුලුවන් බව ලංකාවේ උගත් අය පවා නොදන්න දෙයක් කියා මට හිතෙනවා මගේ අත්දැකීම් දිහා බලද්දී..


ඉන් පස්සේ පුතුගේම ඇතුලාන්තයේ ගැටලු වලට...ඊටත් පස්සේ දික්කසාදය නිසා නිවාස දෙකක වෙන් වෙන්ව දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිදු වීම.

Thursday, February 16, 2023

යන්න ඕන කෙනාට යන්න දෙන්න...

ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක්‍රියාවලිය අපහසු (ugly) කර ගන්නේ..ඔබට මොකද හිතෙන්නේ..විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි.... අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි...


මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි...
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.