මගේ පුංචි කාලය සහ නව යොවුන්විය ගැන ආපස්සට හැරිලා බලද්දි මටම පෙනෙන
එකිනෙකට පරස්පර හැසිරීම් පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි කිව්වොත් එය
නිවැරදියි මම හිතන්නේ... පුංචි කාලේ මම එක තැනක ඉන්න බැරි තරම් දඟකාර උනත්
ටික ටික ලොකු වෙද්දි දෙමාපියන් ඇසුරෙන් ලැබුනු අවවාද ඒ දෙදෙනාගේ
ක්රියාකලාපයන් දිහා නිහඬව බලන් ඉන්න මගේ මොළය ටිකෙන් ටික ඒ දඟකාරකමට සමු
දීලා මාව නිහඬ කලේ හිත ඇතුලේ නොනවතින සිතුවිලි ගඟක් එක්ක..
ඇත්තෙන්ම පුංචි කාලේ නොනවතින ගිරා පැටියෙක් වගේ වචන හරඹ කරපු මම ටිකෙන් ටික ඒ වචන වලින් කියවෙන "යටි අරුත" හිතන්න පටන් ගත්තේ මටම තේරුම් ගිය නිසා කිසිම මිනිස් හැඟිමක් සමඟ වගේම කිසියම් කෙනෙක්ගේ මතයක් සමඟ "ගැටිලා" තේරුමක් නැති බව... ඒ තේරුම් ගැනීම පිටුපස හෙවණැල්ල වගේ ඉන්නේ මගේ තාත්තා සහ මගේ අම්මා ඇතුලු පවුලේ අය වටා සිදුවුනු සිදුවීම්...
ඒ වටහා ගැනීමත් එක්ක හැඟිම් නිසා ඇති වන සිතුවිලි මොළයෙන් හිතලා බලලා
"කටින්" වචන පිට කරන්න පුරුදු වෙනවාත් එක්කම එතෙක් තප්පරේකට වචන සිය ගණනක
අදහස් කතා කල මම "කතා" කලේ ඕන තැනේදි විතරයි...ඒ කතා කරන්න ඕනම තැන තීරණය
කිරිම නම් ටිකක් සංකිර්ණ තවමත් මම ඉගෙන ගනිමින් පවතින ක්රියාවලියක්...
අද වෙද්දි මම කොයි තරම් නිහඬද කිව්වොත් මට හිතෙනව කාලෙකදි මිනිසාගේ
"නෂ්ට" වෙලා යන හැකියාවන් අතර "කතා කිරිමේ හැකියාවත්" තියේවි කියලා..
මනසින් සිතුවිලි හුවමාරු කර ගැනිමට හුරු වෙද්දි මොකටද කතා කිරිමේ හැකියාවක්
....
පහුගිය දවසක යාලුවෙක්ගේ ගෙදරදි මේ ගැන කතා කරද්දි අපි කතා උනේ
එහෙම නෂ්ට වෙලා ගිහින් මිනිස් ශරිරයේ "මොළය" විතරක් අන්තිමේ ඉතුරු වෙයිද
දන්නේ නැහැ කියලා.. ඒත් එක්කම මට මතක් උනා කොහෙදි හරි දැක්ක මොළය විතරක්
තියන චරිතයක් ඉන්න කාටූන් එකක්..
ප.ලි.: මගේ පියා අපි අතරින් සමු අරන් 2018 වසරේ පෙබරවාරි මාසෙට හරියටම අවුරුදු 13ක් පිරෙන අතර ඔහුගේ හදිසි සමු ගැනීමෙන් මා ඉගෙන ගත් පාඩම තමයි ඔබ වැසුණු දොරටු දිහා බලා සිටියහොත් ඇරුණු දොරටු ඔබට නොපෙනේවි යන්න.
No comments:
Post a Comment