Tuesday, October 24, 2017

ආඩම්බරයි පුංචි දුවේ නුඹ ගැන හුඟක්.. ආදරෙයි නුඹට මම හුඟක්....

ඊයේ Kindergarten පුංචි දියණියක් කොලාජ් ක්‍රමයට කරන්න තිබුනු අත් වැඩක් කරද්දි හරිම පරිස්සමින් පුංචි පුංචි කොළ කෑලි ඉරා ගෙන කරනවා දැක්ක මම ඇයගෙන් ඇහුවා "ඇයි ඔයා ඔය තරම් පුංචි කෑලි ඉරන්නේ, ලොකු කෑලි ඉරුවා නම් ඉක්මනට ඉවර කරන්න පුලුවන්නේ කියලා..." කියලා. ඇය මගේ  මූණ දිහා බලලා දුන්නු උත්තරේ හිතන්න පුලුවන්ද ඔයාලට... ඇය මට කිව්වේ, 

Monday, October 16, 2017

මටත් ඕන පූසෙක්.....


මටත් ඕන පූසෙක්.. 
ඌට කන්න  දෙන්නත් පුලුවන්
ඌට සැපට ඉන්න හදලා දෙන්නත් පුලුවන්
ඌට ලෙඩක් උනොත් බෙහෙත් අරන් දෙන්නත් පුලුවන්
යන යන තැන අරන් යන්නත් පුලුවන්

ඒත් 

ඌට නිදහසේ ඉන්න දෙන්න 
විදිහක් නැති නිසා 
හදන්නේ නැහැ...

Monday, October 9, 2017

අද උදෑසන දුටු රැකියාවෙන් "ජීවිතය" සිර නොවූ ගුරුවරියන්



මේ මගේ පුතා යන ප්‍රාථමික පාසලේ ගුරුවරියන් කිහිප දෙනෙක්.. මේ පන්ති වල ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කලින්  මං හිතුවේ මේ ගුරුවරුන් හරිම  නිදහස් හරි සැහැල්ලුවෙන් දවස පුරාම සිනා මුසු මුහුණින්  ඉන්න නිසා කරන්න තියන්න වැඩත් ඒ තරන්  බරපතල නැතුව ඇති කියල.. ඒත් දවසක් දෙකක් ඒ අය එක්ක වැඩ කරද්දි තමයි තේරුනේ මොන තරන් සංකීර්ණද කියලා කරන්න තියන වැඩ.. දරුවන්ගේ කාලය ගෙවෙන්නේ කිසිම පීඩනයක් නැති විනෝදෙන් දැනුම හොයා ගෙන යන්න පුලුවන්  විදිහකට.. එහෙම හදන්න මේ දවස පුරා හිනාවෙවි ඉන්න ගුරුවරු ගන්න මහන්සිය කොයි තරම් ද කියන එක වචනයෙන් කියන්න අමාරුයි තමන්ගේ හැඟිම් පාලනය කරගෙන....

Thursday, October 5, 2017

අහස ගඟකට සමාන කරන්නේ මෙන්න මේ නිසා වෙන්න ඇති...



අහස් ඟං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙළෙසින
රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ
දෙව්ලියක් ලෙසේ….









Wednesday, October 4, 2017

රෝස මලක සුවඳ දෙන සුන්දර දසුන් මවන්නෝ...

කලාකරුවෙක් නිර්මාණයක් කරන්නේ රෝස මල් යහනාවක ගිහින් නෙමේනේ.. කරන නිර්මාණය ලස්සන රෝස මලක සුවඳ දෙන සුන්දර දසුනක් උනාට රෝස පඳුරේ තියෙන්නේ කටු.. ඒ කටු අස්සෙන් ගිහින්  තමන්ව රිදවගෙන තමයි අනිත් අයට නොරිදෙන්න රෝස මලක සුවඳ දෙන නිර්මාණ හදන්නේ.. ඉතින් එක දවසක් හරි එක කලාකරුවෙකුගේ හරි නිර්මාණයක් රසවින්ඳා නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න පුරුදු වෙන්න..ඒ හැම කලාකරුවෙක්ම තවත් එක මිනිස් ජීවියෙක් මිසක් දෙවිවරුවත් රහත් උනු මුනිවරුවත් නොවන නිසා....

Tuesday, October 3, 2017

හිරු සඳු එකවර දෙපස නැඟේ.....


මිනිස් ඇසක කාචයකට තරම් සුන්දරව කැමරා කාචයකට දැනෙන්නේ නැති උනත් අඳුරු වළාකුලු අතරින් බැස යන හිරු.. අනිත් පසින් නැඟ එන සඳු....









ඔබ රහසේ කියා දුන්නු (ජීවිතය) ආදරය  ද මේ.....

Monday, October 2, 2017

හදිසි අනතුරක්...පාඩම් ගොඩක්...

මම ජීවත් වන නගරයේ අවුරුදු කීපයකට කලින් පාසැල් ගේට්ටුවක් ලඟ සිදුවුනා හදිසි අනතුරක්... අපේ ගේ තිබුනේ පාසැලින් එහා පාරේ, පෙනෙන දුර... නමුත් මේ අනතුර වෙලාවේ  මිනිසුන්  එතන රැස් වුනේ නැහැ.. පුලුවන් තරම් ඉක්මනින් කුඩා දරුවන් ඇතුලු සියලුම දෙනා ඒ සිදුවුන ස්ථානයෙන් ඉවත් කෙරුනා.. කිසිම කෙනෙක් ඒ උපදෙස් වලට පිටින් ගියේ නැහැ.. පාරේ  අනිත් පැත්තේ හිටි අපි කිසියම් බරපතල දෙයක් සිදුවී ඇති බව දැන ගත්තේ පොලිස්   සයිරන් නලා හඬින් සහ  හෙලිකොප්ටර් යානක් එක තැන වටේට යන සද්දය නිසා.. කෙසේ නමුත් සිදු වෙලා තිබුනු අනතුර සිදුවූ කිසිම කෙනෙකුගේ ඡායාරුපයක් හෝ අනතුරේ ඡායාරුපයක් හෝ අපි දුටුවේ නැහැ ඒ තරන් ලඟ ඉඳලත්,  කිසිම මාධ්‍යයකින් එහෙම ඡායාරූප පෙන්නුවෙත් නැහැ දන්න තරමින්.. 

දරුවන්ට නිතර හුරු කරන්න.....




දරුවන්ට නිතර හුරු කරන්න අත් හරින්න කලබල නොවී ,

දන් දෙන්න ප්ලැන් කරලා සල්ලි තියන වෙලාවට නෙමේ කෙනෙකුගේ අවශ්‍යතාවයක් දැක්ක වෙලාවකට,

තමන්ගේ කාලය ශ්‍රමය අනිත් අය වෙනුවෙන් නොමසුරුව ලබා දෙන්න,

තමන්ගේ සිතුවිලි හැඟිම් තමන් තුල සිර නොවී පිට කරන්න කාටවත් කරදරයක් හිරිහැරයක් නැති විදිහකට,

Sunday, October 1, 2017

උපතත් විපතත් අතර .....


මරණෙන් පසු මතු භවයක් ඇති බව විස්වාස කරන සමාජයක දික්කසාදයකට වඩා  කනවැන්ඳුම් වීම ගෞරවාන්විත වන්නේ කෙසේද... එක්කො මතු ඉපදීම බොරුවක්.. එහෙමත් නැත්නම් මිනිස්සු හැමදෙයම දකින්නේ තමන්ගේ වාසියට...  මේ සමාජ ආකල්ප පරස්පර  මිසක් කිසිම මිනිසෙකු වැරදිත් නැහැ හරිත් නැහැ..


සමාජයක ජීවත් වෙද්දි සිදුවන සිදුවීම වලදි සමාජයකට මුහුණ දෙන්න තමන්ගේ හිතේ ඇති වන අනියත බයවල් වලට පිළිතුරු හොයන්න විතරද ආගම් සිරිත් විරිත් සංස්කෘතිය තියෙන්නෙ..  මෙවැනි දේවල් වලට මුවා වි තවත් කෙනෙක්ගේ ජිවිතකයට බලපැම් කිරීමට කොහෙන්ද අයිතියක් කාට උනත්... මේ හැමදෙයකටම වඩා ජීවිතයක් වටින බවත්  සැහැල්ලු පීඩනයක් නැති මනසක් වටින බවත්  ඒ අනූව රටේ නිතී පද්ධතියත්   මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතු බවත්  කවදා මිනිසුන් වටහා ගනි ද මන්දා..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.