නුවර, එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ මම ආසම කරන නගරයක්.. නුවරට පිපිනු
මලක් (ඒ කාලේ කියෙව්ව පොතක නමක්) වගේ මම උදේ හවස නුවර ආවේ ගියේ 6 වසරේ
ඉඳලා 9 වසර වෙනකම් කෝච්චියේ ඉතාම සුන්දර මතකයන් ගොඩක් එක්ක.. අපිට තිබුනා
පුංචි කල්ලියක්, ලොකු පොඩි වගේම එකම වයසේ විවිධ පාසැල් වලට ගිය අපි අතරේ
හිනාව, කඳුල වගේම රණ්ඩු සරුවල් එක්ක බැඳුනු එකමුතුකමකුත් තිබුනා..
මෙහෙම ගිහින් මහනුවර දුම්රිය ස්ථානයෙන් වෙන් වන අපි ඒ අසල තිබුනු පාසැල්
වලට දුවන්නේ පරක්කු වෙන්න තියන අකමැත්තට.. මම මෙහෙම ගියේ කන්දක් මුදුනේ
තිබුන හරිම ලස්සන පාසැලකට.. කන්ද මුදුනේම තිබුන පන්ති වලත් කන්ද පාමුළම
තිබුන පන්ති වලත් ගත වුන මගේ කාලය කියන්න බැරි තරම් සුන්දරයි.. ආයෙත් පාසැල
ඇරුන ගමන් අපි දුවන්නේ උදේ වෙන් වුන යාලුවන්ව හොයා ගෙන ගෙදර යන්න
කෝච්චියේ, ඒ යන ගමනුත් අපි මොන තරම් දේවල් කලාද...
මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන මම ආදරය කරන දුම්රිය ස්ථාන දෙකක් ඇත.. එකක් නම්
නාවලපිටිය දුම්රිය ස්ථානය අනෙක මහනුවර දුම්රිය ස්ථානය..අදත් ඇස් වහගෙන මේ
පරිසරයන් මතකයට නඟා ගන්න මට පුලුවන් ඒ ආදරය නිසාමයි.. ඒ ගතවුන වසර 3ක විතර
කාලයේ මතක සටහන් කිසිදා මතකයෙන් නොමැකෙන ආදරණීය මතකයන් නිසාම මෙසේ
ලිව්වේමි...
දැන් මීට වඩා කොයි තරම් වෙනස් වෙලා ඇතිද මේ පරිසරයන්..
නුවර ගැන කතාකරන්නෙත් පට්ටම සීසන් එකේ තමයි!
ReplyDeleteමේක ලිව්වේ මුහුණු පොතේ යාලුවෙක් නිසා මලියා.. ටික දවසක් ලියලා..බ්ලොග් එකේ පළවෙන සමහර සටහන් මුහුණු පොතට ලිව්ව දේවල්...
Delete