ඔබ ගොලු දරුවෙක් දැක්කොත් සංඥා භාවිත කරන කතා කිරිමේ ( sign language) ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.
ඔබ දෙඇස් නොපෙන දරුවෙක් දැක්කොත් බේල් ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.. ඔබේ කටහඬ භාවිතා කර ලෝකය දකින්න පුලුවන් ක්‍රම හදන්න.
ඔබ අත පය වල කිසියම් ආබාධයක් ඇති දරුවෙක් දැක්කොත් කෘතීම ශරීර අවයව හැදීමට ඉගෙන ගෙන ඒ දරුවන්ට ලබා ගන්න ඉඩ හදන්න..
මෙලෙස කිසියම් කෙනෙකුගේ අඩු පාඩු වලට පිළියම් සෙවීම මිස, මේ අඩු පාඩු වලට
හේතු සොයා කාට හෝ එහි වගකීම පවරා ඔබේ මනස පෙළෙන කුතුහලය නිවා ගැනීමෙන්, මේ
අඩු පාඩු වලින් පෙළෙන අයට හෝ සමාජයේ ජීවත් වන කිසිම කෙනෙකුට කිසිඳු උදව්වක්
නම් සිදු නොවන බව ඔබට වටහා ගන්න පුලුවන් ද.. වක්‍රකාර අයුරින් එයින් ඔබටත්
වෙන්නේ අවැඩක් නොවේද...
අංග සම්පූර්ණව (කිසිවකු අංග සම්පූර්ණ යැයි
අපිට කිව හැකිද) ඉපදෙන එක් මිනිසෙක් අඩු පාඩු සහිතව ඉපදෙන තවත් මිනිසෙකුගේ
අඩු පාඩු වලට හේතු කියලා මඟ හරින එකද කල යුත්තේ.. එය ද නියම මිනිස්කම...
එසේ කල විට යහපත් සාමකාමි හැමෝටම එක වගේ සතුටින් තෘප්තිමත්ව ජීවත් විය
හැකි සමාජයක් හැදෙයිද..
එහෙම නැත්නම් ඒ අඩු පාඩු වෙනත් ක්‍රම මඟින්
මඟ හරවා ගන්න, ඔබ ලබන සතුටම ලබන්න අංග සම්පූර්ණ යැයි කියා ගන්නා මිනිසා
උදව් කිරීමද නියම මිනිස්කම.. එහෙම හැම කෙනෙක්ටම මේ ලෝකෙට බිහි වු පසු
හැකි උපරිමයෙන් තෘප්තිමත්ව මරණය දක්වා ජීවත් වෙන්න ඉඩ හදන්න ඔබ කැමති
නැද්ද.. අකමැති නම් ඔබ ඔබේ සතුට මනින්නේ අනුන්ගේ දුක දිහා බලා සංසන්ඳනය
කරලාද...
ආගම් ඇතුලේ මේ අඩු පාඩු වලට පිලියම් සෙවීම වෙනුවට වෙන්නේ
ඇති කෙනා නැති කෙනා දෙස බලා සතුටු වීම සහ නැති කෙනා ඇති කෙනා දෙස බලා දුක්
වීම යැයි මට සිතේ. නැති කෙනාගේ සැනසීමට නොයෙකුත් මවා ගත් විස්වාසයන් ද
බිහි වී ඇත. ආගම් වලින් මිනිස් පරිණාමයේ අනිවාර්‍ය අංගයක් වන
නොයෙකුත් වෙනස්කම් ( අඩු පාඩු නමින් හඳුන්වා ගන්නා ) වලට සෘණ අගයක් එකතු
කරන නිසා කිසිවෙකු කැමැති නැහැ ඒ වෙනස්කම් පිළිගන්න, පිළිඅරගෙන හදාගන්න
ක්‍රම හොයන්න.. හැන්ගෙන්න තමයි ක්‍රම හොයන්නේ.. එය වැරදි නැහැ.. කවුද කැමති
තමන් ගැන වරදක් දකින්න එය තමන් ඉල්ලා ඇති කරගත් හේතුවක් නිසා ඇති නොවුන..
වෙනස්කම් සහිත මිනිස්සුන්ට සහ උදව් කරන්න අකමැති අයට පොඩි මානසික සහනයක් ගෙන දෙන ආගම්, ඒ වෙනස්කම්, වෙනස්කම් නොවෙන්න පිළියම් නම් හොයලා දෙන්නේ නැහැ.. පිළියම් හොයා ගන්න
ඕන මිනිසුන්මයි...
ඇති කෙනා නැති කෙනා දෙස බලා තමන් ගැන සතුටු වීම
අභිබවා (අත් හැර) නැති කෙනා වෙනුවෙන් දුක් වී, ඒ කෙනාගේ නැති වීම ජීවත්
වන කාලයේම ඇති වීමක් බවට හැරවීමට පිළියම් සෙවීමට අන් අය ගැන සංවේදි හදවතක්
මිස වෙන කිසිවක් අවශ්‍ය නොවේ යැයි ද මට සිතේ.. (මේ ඇති නැති බව ඉතා සාපේක්ෂ දෙයක් බව කරුණාවෙන් සලකන්න..)
මේ හිස් තැන් සමාජයක
ඉන්න අවස්ථාවදීන් තමන්ගේ පැවැත්මට භාවිතා කරන්නේ අද ඊයේ ඉදලා නෙමේ වගෙම
හෙටත් එය එසේම වේවි ඔබ සිහියෙන් හිතුවේ නැත්නම් මේ හිස් තැන් පුරවා ගන්න
පමා නොවී..
ප.ලි.: ඔබට හිතෙනවා නම් "අනේ ඕවා කරනවා තියා අපි මේ තියන වැඩ ටික කරගන්නෙත්
අමරුවෙන්" කියා, මම හිතනවා අන්න එතනදි තමයි මේ ආගම් නම් සංකල්ප බිහි වෙන්න
මුල් වෙන්න ඇත්තේ කියා.. බැරි කමට හේතු හදලා මේ දේවල් පොඩ්ඩක් පැත්තකින්
තියන්න..
දැන් ආපහු මේ දේවල් පටන් ගන්න කිසිම කෙනෙක් වද වෙන්නේ නැහැ කියාද මට සිතේ.. ලෙහෙසි ක්‍රම තියන නිසා අනුන් මඟ හැර තමන්ගේ ගමන යන්න..
ඔලුව කැරකෙනවා වගේ. තවත් පාරක් කියවන්න වෙනවා
ReplyDelete:) පරිස්සමින්...
Delete