මම
ඉපදුනේ කොහෙද හැදුනේ වැඩුනේ කොහෙද, මොන වගේ අය එක්ක ද ජීවත් වුනේ, ඉගෙන
ගත්තේ කොහෙද කොහොමද, මොන බාසාවෙන් ද කතා කරන්න පටන් ගත්තේ කියන එක වගේ
දේවල් හංගන්න කිසිම දවසක ඕන කමක් මට තිබුනේ නැහැ..
අහම්බයකින් වගේ
ඉපදුනු මව් රටෙන් පිට වෙන්න උනත් මුලින්ම ලෝකේ පිළිගත් බසක් උනු
ඉංග්‍රිසී වචනයක්වත් හරියට බැරි තායි බස පර තෙරටම දන්න හැකියා වලින් පිරුනු
තායිලන්තයෙන් පටන් අරන් අද වෙද්දි ඉංග්‍රිසී පමණක් හරියට දන්නා රටක ජීවත්
උනත් අර මම මුලින්ම කිව්වා වගේ මගේ ආරම්භය මම කොහෙන් කොහොම ආව කෙනෙක් ද
කියන දේ අමතක කරන්න මට කිසිම ඕන කමක් නැහැ..
මේ ඕනකම නිසා මාත් එක්ක
නිතරම ගැටෙන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා.. ඒ වෙන කවුරුවත් නෙමේ,මගේ පුතා.. යාන්තමින් බහ තෝරන වයසෙදි එයාගේ කිසිම අවසරයකින් තොරව අපි එයාවත් අරන් මේ
රටට ඇවිත් මේ රටේ පරිසරය එක්ක බද්ධ කිරිමත් එක්ක ඉංග්‍රිසී කියන්නේ එයාගේ
මව් බස.. සිංහල කියන්නේ එයාගේ දෙවෙනි බස.. පාසැල් යනවාත් එක්කම මේ දේ
තවත් හොඳින් පේන අතර නිතර නිතර ඇහෙන කතා කරන සියලු දේ සිදුවෙන බස ගැන
එයාලගේ මොළය හදලා දෙන සිතුවම වැරදි නැහැ..
වැරදියි වගේ පේන්නේ වෙනත්
බසක් මව්බස වුනු මව් රටෙන් සංක්‍රමණය උනු අයට..ඒ අයගේ මොළය එයාලට හදලා
දෙන සිතුවමත් වැරදි නැහැ..එහෙම බැලුවම මෙතන කවුරුත් වැරදි නැහැ..ගොඩක්
දේවල් මේ වගේ තමයි, ඉවසීමෙන් විමසලා බලද්දි කිසි කෙනෙක් වැරදි නැහැ කියන එක
වටහා ගන්න පුලුවන්, මිනිස්සුන්ට නැතෙත් ඒ ඉවසීම..ඉතින් මම කියන්න
ආවේ ගෙදර මම පුතා එක්ක කතා කරන්නේ (නෙමේ කතා කෙරෙන්නේ) සිංහලෙන්, හැබැයි
පොඩිම කාලේට පස්සේ එයා උත්තර දෙන්නේ ආපිට කතා කරන්නේ ඉංග්‍රිසීයෙන්
විතරයි..ඒකත් මේ රටට ආවේණික නාද රටාවත් එකතු කරමින්.. සාමාන්‍යයෙන් අපි
සිංහලෙන් කියන්නේ accent එක කියලා...ඔන්න ඔය හේතුව නිසා මම මුලින්ම කිව්ව
මගේ ඕනකම සහ පුතාගේ ඕනකම අතර ඇති වෙනවා පොඩි ගැටුමක්..
මම කැමති
නැහැ හැමදේම ඉංග්‍රීසියෙන් කතා කරන්න, පුතා කැමැති නැහැ හැමදේම සිංහලෙන්
කතා කරන්න...මේ වගේ තැන් දෙපාර්ශවයම හරියට තේරුම් ගන්න ඕන.. විවෘතව කතා බහ
කරලා..නැත්නම් එක ගෙදර අම්මා තාත්තා වෙනම පවුලකුත් දරුවෝ වෙනම පවුලකුත් වගේ
දුරස් වීමක් හිමින් බිහි වෙන එක නවත්ත ගන්න අපහසුයි..
ගොඩක්දෙනා
හිතනවා තමන් ඉන්න රටෙන් වඩා දියුණු රටකට සංක්‍රමණය වීම කියන්නේ ජීවිතයේ
ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණයක් කියා.. නමුත් ඇවිත් ටික දවසකින් තමයි
වැටහෙන්නේ ජයග්‍රහණයේ තරම..මෙතනින් යාන්තමින් හරි ගොඩ යන්නේ තැනට සුදුසු
විදිහට හැඩ ගැහෙන්න හැකි නම්‍යශීලි (flexible) මොළ තියන අය විතරයි.. ඔන්න
බලන්න රටකින් රටකට සංක්‍රමණය වෙන්න කලින් තමන්ට තියෙන්නේ මකලාවත් හදන්න
බැරි fix මොළයක් ද නැත්නම් වතුර වගේ ඕනම හැඩය ගන්න පුලුවන් flexible (මේ නම්‍යශීලි කියන එක සමහර අය වටහාගන්නේ ඕනම අතකට තමන්ට නම්මා ගත හැකි යන අරුතින්) මොළයක් ද කියන එකත් හොයලා බලන්න.. නැත්නම් ඔබට වෙන්නේ අල්ලපු අත්තත් නැහැ ,
පය ගහපු අත්තත් නැහැ වගේ දෙයක් .. බොහෝ අය තමන් ගැන කිසිඳු අවබෝධයක් ඇතුව
නෙමේ මේ වගේ තීරණ ජීවිතේ ගන්නේ..සැඟවුනු තිත්ත ඇත්ත නම් රැළ්ලට යාම...
ඉතින් කාගෙවත් ඕනකම් වලට මගේ විදිහ මම වෙනස් නොකරන නිසා පුතාටත් මම ටිකෙන්
ටික පැහැදිලි කරනවා තමන්ගේ අම්මා ආපු රටේ අම්මගේ ජීවිතය මොන වගේ ද සහ එය
පවත්වා ගැනීමේ මට ඇති වැදගත්කම ගැන.. මොකද පුතා පුංචි කාලේ ඉඳලම වටහා ගන්න
ඕන තවත් කෙනෙක්ට ගරු කරමින් තමන්ගේ ආවේණික ජීවන රටාව හදා ගන්න, මම හිතන්නේ
එය පටාන් ගන්න ඕන මුල්ම තැන ගෙදර.. අන්න ඒ නිසයි මම ටික ටික පුතා එක්ක මේ
ගැන කතා කරන්නේ..
හැබැයි මම පුතාව වෙනස් කරන්න නම් යන්නේ නැහැ මට ඕන
විදිහට..මතකනේ මම පුතා ඉපදුනු දවසෙමයි පුතයි මමයි දෙන්නෙක් කියන සම්පූර්ණ
සදාකාලික සහතික ඇත්ත වටහාගත්තේ..ඒ වගේම මම ආපු රටේ මගේ ජීවිතේ සෑබෑ
විදිහ ගැන තමයි මම පුතාව දැනුවත් කරන්නේ..මගේ ඕනකම කරගන්න බොරුවත් මානසික
අල්ලස්වත් මම පුතාට දෙන්නේ නැහැ.. ඔන්න ඕකයි බස ගැන මගේ කෙටි කතාව..(බක
නෙමේ බස..බක වරක් චක්කරේ දන්නවා නේද, නැත්නම් ඔය අහළ පහළ ඉන්න කැම්පස් ගිය කෙනෙක්ගෙන්
අහලා බලන්නකෝ)
No comments:
Post a Comment