පහුගිය
බදාදා දවසක සුපුරුදු විදිහට 1 වසරේ දරුවන් එක්ක දවස ගත කරද්දි මට ලැබුනා
හරි අපූරු අත්දැකිමක්..මගේ පුතා ගෙදරදි කරන සමහර දේවල් වල මුල් අඳුරගන්නත්
මට මේ අත්දැකීම් උදව් වෙනවා...එදා දවසේ දවල් කෑමෙන් පස්සේ තිබුනේ 1
වසරේ පන්ති දෙකක් එකට එකතු වෙලා වෙජිමයිට් සැන්ඩ්විච් එකක් හදන හැටි
ප්‍රායෝගිකවම කරලා බලලා ලියන්න...
කරන්න කලින් මේ ගුරුවරියෝ දෙන්නා
කතා වෙලා දළ සටහනක් හදා ගත්තා කොහොමද කරන්නේ කියන එක..හැම දරුවෙකුටම
ලැබුනා රෙසිපි එක ලියන ආකෘතිය තියන කොළයක්..ඒ ආකෘතියේ හැම කොටසක්ම
මුලින්ම එක් ගුරුවරියක් පැහැදිලි කලා..ඉන් පස්සේ එක් ගුරුවරියක් පියවරෙන්
පියවර ඇත්තටම සැන්ඩ්විච් එක හදන හැටි කරලා පෙන්වද්දි අනිත් ගුරුතුමිය
ලියනවා ඒ පියවර..
මේ වෙලාවේ මම දැක්ක විශේෂ දේ තමයි මේ ගුරුවරු
දෙන්නා උත්සහ කලේ දරුවන් අතරින්ම වචන හොයාගෙන රෙසිපි එකේ පියවර
ලියන්න..තමන් දකින දේ කොහොමද වචන වලින් තවත් කෙනෙකුට වැටහෙන්න ලියන්නේ කියන
එක තමයි දරුවන්ගෙන් මේ ගුරුවරියෝ දෙන්න එළියට ගන්න උත්සහ කලේ.. එහෙම
නැතුව "ආ මෙන්න මෙහෙමයි හදන්නේ, දැන් මේ මම ලිව්ව එක බලාගෙන ලියන්න" කියලා
කිව්වේ නැහැ.. මෙතනදි පිරිසක් එක්ක වැඩ කරද්දි ඇහුම්කන් දෙන්න
පුරුදු වෙලා නැති දරුවෝ, වැඩක් කරද්දි එක අරමුණක හිත තියා ගන්න බැරි දරුවෝ,
තනියෙන් හිතලා අවට පරිසරයේ වෙන දේවල් එක්ක තමන් මෙතෙක් ඉගෙන ගත් දැනුම
මෙහෙයවන්න බැරි දරුවෝ වැටෙන්නේ ලොකු අමාරුවක.. (බය වෙන්න එපා , මේ
දේවල් හරි ලේසි හදන්න..ඔබ ටිකක් හොයලා බලන්න විතරයි ඕන.. මේ රට ඇතුලේ ඕන
තරම් දියුණු පහසුකම් තියනවා මේ ගැටලු හදන්න ඔබ විවෘත නම්..)
මට
හිතුනේ මෙන්න මේ වගේ ගැටලු නිසයි මේ දරුවෝ පාසැල් වැඩ වලින් පස්සට ගිහින්
ටියුෂන් යෑම දක්වා යන්නේ කියලා.. ඒකට මේ දරුවන්ගේ උපතේ ඉඳලා ජීවන රටාව
සෑහෙන්න වග කියන්න ඕන කියලත් මට හිතුනා.. මොකද උපතේ ඉඳලා මේ වගේ ස්වාධීනව
අවට පරිසරය එක්ක ගනු දෙනු කරන්න හුරු කරලා නැත්නම් මේ ක්‍රම ඇතුලෙදි දරුවෝ
පස්සට යන එක පුදුමයක් නෙමේ බුද්ධිමත් උනත්..
මේ රෙසිපි එක ලියද්දි
ඇයි පියවර අනුපිළිවෙලට ලියන්නේ කියන එකත් දරුවන්ගෙන් ඇහුව එක ප්‍රශ්නයක්..
ඉතින් ගෙදරදි සැන්ඩ්විච් එකක් හදලා තියන දරුවෝ (එහෙම නැත්නම් දෙමාපියන්
හදද්දි ඒ දිහා බලාගෙන ඉන්න ඉඩ ලැබුනු දරුවෝ ) හරි පහසුවෙන් උත්තර දෙන
අතරේ සමහර දරුවෝ ඔහේ බලාගෙන ඉන්නවා.. අත්දැකීම් නැත්නම් දැනුමෙන් වැඩක් නෑ
කියන එක පැහැදිලිව පෙනෙන තැනක්..
ඒත් එක්කම මට මතක් උනා අපේ ගෙදර
මගේ අම්ම ඇවිත් හිටිය කාලේ පුතාට උදේට ජෑම් සැන්ඩ්විච් හදද්දි අම්ම පුතාට
කතා කරන්නේවත් නැහැ.. අම්මා තනියම හදලා පිඟානට දාලා වතුර බෝතලෙත් ලඟින්
තියලා තමා කතා කරන්නේ..ඉතින් කොහොමද දරුවා දන්නේ මේ සැන්ඩ්විච් එක හදන්නේ
කොහොමද, මොනවද මේකේ ඇතුලේ තියෙන්නේ,මොනවද හදන්න ඕන කරන දේවල්, ඒවා කොහෙද
තියෙන්නේ තියන එක..මම කියනකන්ම අපේ අම්මට බැරි උනා ඒ ක්‍රමය වෙනස්
කරගන්න වගේම ඇයි ඒ දේ කරන්න ඕන කියන එකත් නිකමටවත් හිතන්න...දරුවට කන්න
දෙන එක විතරයි හිතන්නේ..කෑම කොහෙන්ද එන්නේ කියන එක ගැන අදහසක් දෙන්න
හිතන්නේ නැහැ..(ආදරය කියන්නේ යැපෙන්නෙක් බිහි කිරීම නම් නෙමේ, ඒ මම දකින
විදිහ )
දරුවෙක් එක්ක මේ වගේ සරල දෙයක්වත් විවෘතව සහයෝගෙන් කරන්න
බැරි නම් කොහොමද ඊට වඩා සංකීරණ දෙයක් කතා කරන්නේ.. අපේ සමාජ වල තියන ලොකු
ගැටලුවක් එය..දෙමාපියන් දරුවන් අතරේ නෑ සමබර පැහැදිලි සන්නිවේදනයක් බලෙන්
කරවීමක් මිස...ගොඩක් වැඩිහිටියෝ හිතන්නේ අපි ලොකු අය, අපි තමයි දන්නේ හරි
දේ පොඩි අය අපි කියන දේ කරන්න ඕන ප්‍රශ්න අහන්නේ නැතුව කියල.. ඒක තමයි
කීකරුකම කියලා දකින්නේ..
එතකොට දරුවෙකුගේ තියන කුතුහලය කියන මානසික
අවශ්‍යතාවයට මොකද වෙන්නේ..මේ ක්‍රමයදි මම දකින්නේ දරුවෙක්ට ඉගෙන ගන්න
ස්වාභාවිකවම ලැබිලා තියන කුතුහලය (ප්‍රශ්න අහන්න තියන හැකියාව) කියන
හැකියාව අතුරුදහන් වෙලා යැපෙන විචාර බුද්ධියක් නැති මොළයක් ටික ටික
හැදෙනවා.. දෙන දේ කනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැනේ.. තරඟකාරි වීම
කාර්යබහුල වීම එහෙම නැත්නම් මුදල් පස්සේ ජීවිතය හඹා යෑම, දහසකුත් එකක් හීන,
තමන්ගේ නොවිසඳුන පුද්ගලික ගැටලු එක්ක මේ දේවල් වෙනවා තවත් වැඩියි..එහි
ප්‍රතිඵලය තමයි දරුවන් ස්වාධීනව වැඩ කල යුතු පරිසරයකදි අසරණ වීම..අර
කුතුහලය නිසා ප්‍රශ්න අහමින් ඇහුම්කන් දෙමින් හිත එක අරමුණක තියා ගෙන ඉගෙන
ගන්න මොළේ පුරුදු වෙලා නැති නිසා බුද්ධිමත් උනත් පන්තියේ පස්සට යනවා ඉබේම..
ඊලඟට ඉතින් ලේසිම විදිහ තමා කෙටි කාලයක් ඇතුලත එකම දේ සිය විදිහකට විතර
කරවලා මොළයට ඒ රිදම් එක කවන ටියුෂන්.. අන්න ඒ නිසයි ටියුෂන් ගියාට පස්සේ මේ
ඔහේ බලාගෙන හිටපු දරුවන්ගෙත් කටවල් ඇරෙන්නේ.. මං හිතන්නේ දැන්
කෙනෙකුට තේරෙන්න ඕන ඒ දේ ගෙදරම කරන්න ඕන තරම් ඉඩ තියන බව.. (මේ කිව්වේ
kindy සහ year 1 ගැන විතරයි) හැබැයි තමන්ගේ හුරු පුරුදු ජීවන රටාව ටිකක්
වෙනස් කරගන්න කැමැති නම්...දරුවන් වෙනුවෙන් සරල කර ගන්න කැමැති නම්, සිහිය
තියාගෙන ඉවසන්න පුලුවන් නම්..නොමිලේ කරන්න පුලුවන් දේවල් මේ..
ඔන්න
ඉතින් මේ විදිහට ගුරුවරියෝ දෙන්න කරලා ලියලා ඉවර උනාට පස්සේ දරුවන් අතේ
තිබුන කොළේ මුල ඉඳන්ම මේ වෙජිමයිට් සැන්ඩ්විච් එකක හදන රෙසිපි එක ලියන්න
කිව්ව මේ ගුරුවරියෝ දෙන්න ඊලඟ මොහොතේ කලේ කඩියො දෙන්නෙක් වගේ පන්තිය පුරාම
ගිහින් මොන වගේ උදව්ව ද මේ එක් එක් දරුවට ඕන කියල හෙව්ව එක..එක මොහොතක් මේ
දෙන්නා ඉඳගෙන හිටියේ නැහැ....දරුවෙක් ප්‍රශ්න අරන් තමන් ලඟට එනකම්.. ඔක්කොම
ඉවර උනාට පස්සේ කොහොමද මේ සැන්ඩ්විච් එක කන්නේ කියලත් දරුවන් එක්ක කතා
කලා.. ඇයි කැලී වලට කපන්නේ කියන එක...
ප.ලි.: ඔස්ට්‍රේලියාව වගේ
දියුණු උනු රටකට සංක්‍රමණය වෙන (හෝ තමන් හැදුනු වැඩුනු රටෙන් බැහරට යන ඕන
වෙලාවක ) දෙමාපියන් සහ දරුවන් ඒ රටේ නුහුරු නුපුරුදු අධ්‍යාපන ක්‍රමය
එක්ක වැටෙන්නේ ටිකක් අපැහැදිලි තැනකට මුලදි.. ඒක හරිම සාමාන්‍ය දෙයක් මම
නම් දකින්නේ.. ටිකෙන් ටික මේ අලුත් ක්‍රමයට හුරු වෙද්දි ඒ
අපැහැදිලිකම් පැහැදිලි වෙන නිසා කලබල නොවී හිමින් යන එක තමයි මම හිතන්නේ
හොඳම දේ..එතකොට තමන්ට සහ දරුවට ගැලපෙන දේ හොයා ගන්න පහසුයි...
තවත්
දෙයක් එකම පාසැලේ එකම වසරේ පන්ති වල වැඩ කෙරෙන්නේ එකම අනුපිළිවෙලට නෙමේ.. ඒ
නිසා එක් එක් පන්ති වල දරුවන්ව සහ ගුරුවරයන්ව සංසන්ඳනය කරන්න යන එක වසර
අවසාන වෙනකන්ම වැඩක් ඇති දෙයක් නෙමේ..ඊට පස්සේත් වැඩක් ඇති දෙයක් නොවන්නේ
මේ ක්‍රම හරි ඉක්මනින් අලුත් වෙන වෙනස් නිසා..
No comments:
Post a Comment