ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..
කුඩා කල අඩු
වයසින් කියවීමට තනිව හුරු වීමෙන් පසු අතට අහුවෙන ඕනම දෙයක් කියවීම පුරුදු
වී සිටි මා කියවීම නිසාම විඳි හැඟුම් නිමක් නැත..විටෙක මේ හැඟුම් නිසා මා
අවට සිටින ලබැඳියන් පත් වන්නේ කිව නොහැකි තරම් අපහසුතාවයකට බවද මා ටිකෙන්
ටික වටහා ගත්තද කියවීමට නැවතීමේ තිතක් තැබිමට මම අපොහොසත් වීමී.. එහි
ප්‍රතිඵලය නම් එක්තරා ගුරුවරියක් මගේ ලිවීමේ හැකියාව අඩු වයසින්
හඳුනාගැනීම සහ අනුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ලිවීම යන තෘප්තිමත් කලාව
මට උගන්වා ඇති බව පසක් වන්නේ සෑහෙන කලකට පසුවයි...
එවකට සාමාන්‍ය
පෙළ සිටි මගේ ලිවීම් ඈ සංසන්ඳනය කලේ උසස් පෙළ ලියන දරුවන් සමඟ උනත් ඉන්
එහාට ඒ ගැන අපේ ගෙදර කතා බහක් ඇති නොවුනේ ලිවීම යනු ජීවිතය රැකීමට තරම්
ආදායමක් නොලැබෙන දෙයක් නිසා වගේම සමාජයේ ලියන කෙනෙකුට ඇති තත්වය ද ඊට හේතු
විය හැකි බව අද මට සිතෙන්නේ එදාට වඩා අද මට සමාජය දිහා පුළුල්ව බලන්න හැකි
නිසයි..
එනිසාම ඒ ගුරුවරිය ඉන් පසු ඒ ගැන කතා කලේ නැති තරම් උනාට
ලියන්න ඇති ආසාව කොහොම නවත්වන්න ද.. තැනක මා කියෙව්වා හෘදය සාක්ෂියේ හඬත්,
අනාගතය පිළිබඳ අචල විශ්වාසයකුත් ඇති යම් තැනැත්තකුට සිය අභ්‍යන්තරයේ ජනිත
වන ලිවීමේ ආසාව මැඬගත නොහැකි බවත් සිය හදවතේ අසීමිත හඬගෑමට ඔහුට එකඟ වන්නටම
සිදුවනු ඇති බවත්..
මෙයින් කියවෙන්නේ බාධක හෝ දුෂ්කරතා හමුවේ
ලේඛකයකුට කිසිසේත්ම පසුබැසිය නොහැකි බවයි.. හෘදය සාක්ෂිය වචනවලට පෙරළන්න
තරම් ඔබ විවෘත නම් නිර්භය නම් ජීවිතය යනු සුන්දර කවියක් හොඳින් හිරු පායා
ඇති අහසක වුවද තරු පායවන්නට පමණක් නොව, ආදරය, විරහව ඇති කරන්නට ද හැකි.
මෙසේ මතු පිටින් දුක් ගැහැටම පෙනෙන ජීවිතය ඇතුලතින් කවියක් කරගත හැක්කේ
එක් එක් කාල වල ඔබ පසු කර පැමිණි ජීවිතයේ විවිධ අවධි ගැන නිසි අවබෝධයක් ඔබට
ඇත්නම් පමණයි..
ඒ පසු කර පැමිණි කාල වකවානු දිහා නැවත හැරී බලා
ඔබට ඔබවම දකින්න ඉඩ දෙන්න තරම් විවේකී මනසක් ඔබ සතුව නැති නම්, ජීවිතය
කවියක් වීම කෙසේ වෙතත් ජිවිතය ගැහැටක් වීම නම් වැලැක්විය නොහැකියි..කෙසේ
නමුදු ජීවිතයත් හරියට නෙල්ලි වගේ කියා නම් මට සිතේ...
ප.ලි.: හොඳ හෝ නරක එක් එක් අයට සාපේක්ෂ දෙයක් නිසාම මේ ලීවිම් ඇතුලේ සිටින මිනිසුන්ගේ නම් ගම් නොලියන්නේ, බ්ලොග් නම් පොදු අවකාශයේදි ලියද්දි කෙනෙකුගේ
අවසරයකින් තොරව නම් ගම් හෙළි කිරීම සුදුසු නොවේ යැයි මා සිතන බැවිනි.
ඒ වගේම ලිවීම් කියවා
එක් එක් අයගෙන් ලිවීමට ලැබෙන ආරාධනාද කාලය නම් සුළි සුලඟේ ගසාගෙන යන්නේ
ජීවිතය එක් තැනක රඳවා තබා ගන්න තවම මිනිසුන් සමත් වී නැති නිසා යැයි ද මට
සිතේ.
No comments:
Post a Comment