පුංචි
කාලේ ඉඳලම ඉතාම හොඳින් පැහැදිලිව මගේ හැඟිම් දැනීම් කතා කරන්න පුලුවන්කම
තිබූ, ඒ මම කතා කරන දේවල් හොඳින් වැටහෙන දෙමාපියන්/වැඩිටිහියන් ජීවන් වන
සමාජයක මම විඳපු අපහසුකම් දිහා ආපස්සට හැරිලා බලද්දි මට හිතා ගන්න බැහැ ඒ
සමාජයටම මගේ හෝ කාගේ හෝ දරුවෙක් යවන්නේ කෙලෙස ද කියා..
විශේෂයෙන් හරියට තමන්ට හැඟෙන දේ පැහැදිලිව කියා ගන්න නොහැකි, තමන් වෙනුවෙන් තමන්ට ඉදිරිපත් වීමට අපහසුතා ඇති දරුවන්.. මට හිතෙනවා එහෙම දරුවන් වෙනුවෙන් මගේ කටහඬ දන් දෙන්න.. ඔබටත් හැකිද කියා
හිතලා බලන්න ඒ දේ කරන්න, හැබැයි තමන්ගේ දරුවා වෙනුවෙන් විතරක් නෙමේ... මේ
ලෝකේ ඉන්න ඕනම දරුවෙක් වෙනුවෙන්..
ඒ අතර අතුරු පැන කීපයක් මගෙන් ඔබට, ඔබ විස්වාස කරන දෙයක් නැත්නම් ඔබ ආස කරන දෙයක් ඔබට සමීප කෙනෙක් (ඔබ කියලා හෝ ඔබ වෙනුවෙන්) අකමැත්තෙන් කරද්දි (කැමැත්තෙන් කරන බව පෙන්වමින්) ඔබ ඉදිරියටම යනවද.. නැත්නම් නවතිනව ද...
අදහස් නොගැලපීම් වලදි මුලු ලෝකයක් එක්ක කෙලින් කතා කරන්න (කතා කරන්න නෙමේ
හරියටම කිව්වොත් ලියන්න) පහසු උනාට තමන්ගේ ලඟම ඉන්න අයත් එක්ක අඩුම ගානේ
අදහසේ වෙනස්කම වත් කියන්න මොන තරම් අමාරු ද.
ඒ වගේම මිනිස්සු
මිනිස්සුන්ව අසාධාරණ විදිහට භාවිතා (use) කීරිම ගැන ඔබට පුලුවන් ද කෙලින්
කතා කරන්න..අර කියමනක් තියෙන්න බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ කියා.. අන්න
එහෙම මිනිස්සු ගැන මම මේ කතා කලේ..
මේ ගැන ඔබ ටිකක් ගැඹුරට හිතලා
බැලුවොත් පෙනේවී සමාජයක තියන බොහෝ ආකල්ප නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ
අවස්ථාවාදි මිනිස්සුන්ගේ අවශ්‍යතා කර ගන්න මිස ඒ දේවල් ඇත්තටම තිබිය යුතු
දේවල් නොවන බව.. කොටින්ම ඒ දේවල් ඔබ නොකලා කියා ඔබ මැරෙන්නේ නැහැ.. ඔබේ
ජිවිතේ සතුටට මුකුත් වෙන්නෙත් නැහැ...මේ පිටතින් අයිසින් කරලා
ලස්සනට හදලා වහලා තියන තියන කේක් ගෙඩිය කපලා ඇතුල බලන්න උත්සහ කරන විට තරහ
ගන්නේ කවුද කියන එක ගැන අවධානයෙන් ඔබට යන්න පුලුවන් නම් ඔබට වැටහේවි මේ
අවස්ථාවදී මිනිස්සුන්ගේ තරම..
No comments:
Post a Comment