මගේ සිරිතක් තියනවා මගේ පුතාට Thank you සහ Sorry කියන..එහෙම කියන්නේ
මම ඉල්ලපු දෙයක් පුතා කල විට වගේම මම කියන දේකට ඇහුම්කන් දුන්නාම.. ඒ වගේම
මගේ අතින් යම් වැරදීමක් අතපසුවීමක් උනාම.. පුතා කියන දේ ඇහුවම
ජීවිතය වඩා පහසු වෙන බව මගේ අතින් හැමදාම කියවෙන දෙයක්.. වැඩිය කතා කරන
කෙනෙක් නෙමේ නිසා එකම දේ දහ පාරක් කියන්න මම ආසා නැහැ.. (ලියන තරම් මම කතා
කරලා නැතුව ඇති මුලු ජීවිතේටම..මේ සැරේ mother's day එකට පුතා මට අරන්
තිබ්බේ note book with a pen)
මගේ අතින් වෙන ඕනම අත්වැරැද්දක් පුතා ඉදිරිපිට
පිළිඅරගෙන sorry කියන එකත් ඉබේම කෙරෙන දෙයක්.. හැබැයි ඒ දේ වෙන්නේ මගේ
පාලනයෙන් තොරව නම් ඒකත් කෙලින්ම පුතාට පැහැදිලිව සරලව කියන්නේ එක බොරුවක්
කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු වැලක් කියන්න වෙන බව මගේ මුලු ජීවිතය පුරාම
අවට පරිසරයෙන් මම දැක්ක නිසයි...ගොඩක් වැඩිහිටියන් හිතන්නේ ජීවිතේ වෙන
සිදුවීම් ප්ලාස්ටර් ගහලා වහලා දාන්න පුලුවන් දෙයක් කියලා..
ඒත් ඒක හරියට ඉතින් අර ඉපදුනු ගමන් පූස් පැටව් කිරි බොනවා වගේ වැඩක්. (ඒ
කිව්ව දේ තේරුනේ නැත්නම් අදම ගිහින් බලන්න ඉපදුනු ගමන් පූස් පැටව් කිරි
බොන්නේ කොහොම ද කියලා) ඒකට හදාගෙන තියනවා මේ හය හතර නොතේරෙන ළමයි එක්ක කියන්න හොඳ නැහැ කියලා මතයකුත්.. අන්තිමේ 60 පැන්නත් හය හතර නොතේරෙන ළමා මහල්ලෝ තමයි බිහි වෙන්නේ.
ඒ වගේම යම් දෙයක් මට කරන්න බැරි නම් හරි ගොඩක්
මහන්සි නම් හරි කොහොම හරි ඒ දේ කරන සිරිතක් මගේ ලඟ නැහැ..ඒ වගේ වෙලාවට
පුතේ මට රෙස්ට් එකක් ඕන කියලා අනිවාර්යයෙන් විවේක ගන්නවා.. මොනා හරි
දෙයක් අමතක උනොත් හංඟන්නේ නැතුව කියනවා අමතක උනා පුතේ කියලා.. ඒ වගේම
මොනවා හරි දේකට මම අකමැති නම් බොරු කියන්නේ නැහැ..කැමැතියි නම් ඒත් බොරු
කියන්නේ නැහැ..
දරුවන් එක්කවත් සැඟවීමකින් තොරව තමන්ගේ හැඟිම්, කැමති
අකමැති දේවල් වගේම එදිනෙදා ජීවිතයේ සිදුවීම් කතා බහ කරන්න හුරු නොවීම තුල
සමාජයක් යන්නේ ඉදිරියට නොව පසුපසට බව බොහෝ දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට වටහා
ගන්න අපහසු බව ඔවුන් එක්ක කතා බහ කරද්දි පෙනෙන දෙයක්.. එතන
තියෙන්නේ සැඟවීමෙන් තොරව කතා බහ කිරීමේ මානසික අපහසුතාවයක් කියාද මට සිතේ.
එයට ආගම් ඇතුලු තවත් බොහෝ සමාජ ආකල්ප හේතු වි ඇති බවත් මම දකින
දෙයක්..
ඒ උනාට ඔවුන් තමන් දිහා බැලීම වෙනුවට කරන්නෙ අනුන් දිහාට ඇඟිල්ලක්
දික් කිරීම, තමන් දිහාට ඇඟිල්ලි 4ක්ම යොමු වී ඇති බවත් ඔවුනට පෙනෙන්නේ නම්
නැහැ..හැබැයි මෙහෙම ඇත්ත කතා කරන්න ඔබට තියෙන්න ඕන තමන්ටම විනිවිද දැකිය හැකි ලෙස ගත කරපු ජීවිතයක්..
ගොඩක් වැඩිහිටියන්ට කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන ඇත්ත සන්සුන්ව කතා කරන්න අපහසු ඇයි..
No comments:
Post a Comment