මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්‍රස්ථා පිරුලක් තමයි ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.
මන් ඉතින් කල්පනා කලා අපේ ගෙදර ගැන.. අපේ ගෙදර ඉන්නේ මමයි මල්ලියිනෙ.. කතුර වගේ කතා කරන්නේ තර්ක කරන්නේ මම.. තාත්තා රෑ වෙලා ගෙදර එද්දි බය නැතුව කලුවරේම දොර අරින්නෙත් මම.. (මට පුලුවන්කම තිබුනා අඩි සද්ද වලින් මේ එන්නේ තාත්තා කියලා අඳුරගන්න දොර ලඟට ඇවිත් තාත්තා දුවේ කියන්න කලින්ම.. අදත් මම බලන් ඉන්නවා ඒ කටහඬ අහන්න එක පාරක් හරි)... JVP කලබල කාලේ මහ රෑ ආව අය අපිව ඉල්ලුවම මමයි කිව්වේ මල්ලිව දෙන්න බැහැ ඕන නම් මාව අරන් යන්න කියලා. ඒ නිසා අපේ ගෙදරට අනුව නම් අර ප්‍රස්ථා පිරුල පිරවෙන්න ඕන කට ඇති දුවෙක් කියලා..
ඊලඟ හිස්තැන ගැන බැලුවොත් මට හිතුනේ අපේ ගෙදරට අනූව නම් ඒ පිරුළ වෙනස් වෙන්න ඕන කියලයි .. ඉපදුනු දවසේ ඉඳලම කවුරු කොහෙදි දැක්කත් ශා හරිම ලස්සනයි කිව්වෙත් මොන්ටිසෝරි යන කාලේ ඉඳලා හැමෝටම කලින් මට නොඉල්ලාම අවස්ථා ලැබුනෙත් ඊට පස්සෙත් යන යන තැනින් කැමරාවක් ඉල්ල ගන්න අම්මා photo ගන්නෙත් ඉතින් හැඩ වැඩ ඇති දුවෙක් නිසානේ.. ඒ නිසා හිස්තැන රුව ඇති දුවෙක් වෙන්න ඕන කියලමයි මට නම් හිතුනේ..
එහෙම හිතුනට ඇත්තටම මතක නැහැ මම ලිව්ව උත්තරේ මොකද්ද කියන එක..හැබැයි පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න දේවල් මගේ අවට පරිසරයට අනූව විශ්ලේෂණය කර තැනට ගැලපෙන දේවල් අලුතින් හිතන එක නම් අද වෙනකන්ම නැවතිලා නම් නැහැ.. (අලුතින් හිතන දේවල් ක්‍රියාත්මක කරන්න ගිහාම තමයි අර මම දවසක් කිව්ව වචන මට අහ ගන්න වෙන්නේ ..)
මම මේ කරපු දේ මගේ පුතත් ඒ විදිහටම කරන බව අද මම පැහැදිලිවම දකින දෙයක්.. ඒ කිව්වේ ප්‍රශ්නෙකට හරි උත්තරේ ලියලා ගන්න පුලුවන් උපරිම ලකුණු ගාන ගැන හිතනවට වඩා මගේ පුතත් මේ වගේම අහලා තියන ප්‍රශ්නේ එයාටම ආවේණික විදිහකින් අවට පරිසරය හා සම්බන්ධ කරමින් දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න පටන් ගත්තේ එයා ගොඩක්ම පුංචි කාලේ..
ගොඩක් දෙමාපියන් මෙන්න මේ හැකියාව උපතින් ලබන දරුවන් රාමුවකට කොටු කරන එක වගේම සාමාන්‍ය තරඟකාරි අධ්‍යාපන රටාවේ ගමන් කරවීමට උත්සහ දැරීම මොන තරම් අවාසනාවක් ද කියන එක මට නම් වචන වලින් ලියලා පැහැදිලි කරන්න බැහැ..මේ වගේ දරුවෙක් හදන්න ඕන හරිම පරිස්සමින්, හරිම හිමින්.. මොකද එයාලට පාලනය කරගන්න බැරි තරම් සිතුවිලි එයාලගේ මොළය අවට පරිසරය එක්ක ගනුදෙනු කරලා නොනවත්වාම හදලා දෙන නිසා එයාලා හරිම ඉක්මනින් වෙහෙසට පත් වෙනවා ඔබට නොපෙනුනාට පිටතින්..
මට පොඩ්ඩක් අවුල්
ReplyDelete(හඳ පෙන්වනවිට මම ඇඟිල්ල දෙස බලමි)
' ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.'
කියන්නේ ප්‍රස්තාපිරුලක්ද?
ඇත්තටම මම ඒ ගැන හිතුවේ නැහැ ලිඛිතා..:)
Deleteආ.. ඕව ඔහොම තමයි.
Deleteනිර්මාණශීලි වෙන්න ගිහින්, ගොඩක් වෙලාවට සිංහල සහ විද්‍යාව විෂයන් වලදී ගුරු උදහසට නම් ලක්වෙලා තියෙනවා. සමහර ගුරුවරු නම් ඒවා එතරම් ගණන් ගත්තේ නැතුවට එයාලට ලකුණු දෙන්න බැහැනේ. කොටින්ම නිර්මාණශීලි රචනාවක් ලියලා බෝම්බ හදා අසුවුණු අවුරුදු දාසයේ එකියක් වගේ ඉන්න තමයි උනේ. ඒවා සුන්දර මතක නෙවෙයි. අදටත් ගුරුවරයාට අභියෝගයක්වන දරුවන්ගේ ඉරණම වෙනස් වෙලා නැහැ.
කොටින්ම බලන්න මේ ප්‍රශ්නේ පවා කටපාඩම් තත්වයේ. එතැනට ඕනෑම වර්ගයේ උත්තරයක් ලියන්න පුළුවන් නිර්මාණශීලි බවක් දරුවෙකු තුල තියෙන්න බැරි නෑනේ
ලියද්දි හිතුවේ නැහැ ඒ වචනේ හරි ද කියන දේ, හිතට ආව වචනය ලිව්වා මිසක්.. මුහුණු පොතෙත් මගේ නමින්ම මේ විදිහටම දැම්මත් කවුරුත් ඒ ගැන කතා කරලා තිබුනේ නැහැ..
Deleteහොඳයි ඔබ ඒ ගැන මට හිතන්න ඉඩක් හැදුව එක.. ඉදිරියෙදි ලියද්දි කල්පනා කරන්න දෙයක් හැදෙන එක තමයි හොඳ.. :)
ඔබේ මේ උදහරණය එක්ක මට මතක් උනා උසස් පෙළ රසායන විද්‍යාව විභායකදි මම දෙකෙන් බෙදන්න ඕන තැනක බෙදලා නැහැ.. දැන් ඒ ගුරුවරිය මාවත් ලඟට අරගෙන කල්පනා කරනවා ලකුණු කපනවද නැද්ද කියන එක..මට බොරුවට බැන බැන ආයේ එහෙම මෙහෙම කරන්නේ නැහැ කියලා සම්පූර්ණ ලකුණු ගාණ නොදී ඒත් බින්දුවත් නොදි (උත්තරේ සම්පූර්ණයෙන්ම වැරදියි) ඒ අතරමැද ගාණක් දීලා මට ගිහින් ඉඳ ගන්න කිව්වා..
ඒ සිදුවීමේ තවත් දෙයක් තියනවා.. මගේ හොඳම යාලුවෝ ටික විභාගේ වෙලාවේ උත්තරේ අහද්දි මම කිව්වේ මට ආපු උත්තරේ.. ඒ පාර එයාලත් ඒ උත්තරේ එන්න ගාණ හදලා.. මට වැරදෙන්න විදිහක නැ කියලා හිතුවලු.. ඒත් අන්තිමේ කාටද වැරදුනේ කියන එක දැකලා අපි හැමෝටම හිනා වගේම හොඳ පාඩමක්..
මට එහෙම අතරමැදි ගාණක් ලකුණු දුන්නට අනිත් අයට එහෙම දුන්නේ නැහැ.. කෙලින්ම බින්දුව..:)
හ්ම්ම් එහෙනම් ඊට පස්සේ වෙන්න ඇති උසස්පෙළට උත්තර සපයනකොට 1 - 0 තත්වයේ නොවී පියවරෙන් පියවරට ලකුණු බෙදිලා යන්න දැම්මේ. ඒ කියන්නේ අවසාන උත්තරේට වෙනම ලකුණු සහ අතරමැද වෙනම ලකුණු.
Deleteඉතින් බලන්නකෝ හරි ආසාධාරනයිනේ! හි හි
එක ලකුණට පවා රණ්ඩු කරන කෙල්ලන් ( වෙනියා සහ කමෙන්ඩේෂන් රිපෝට් නිසා) මේවා ගුරුවරු කරන්නේ මහා බයකින්. එක අතකට එයාල පව් අප්පා.
හ්ම්ම්,ඒක නම් හරියට දන්නේ නැහැ ලිඛිතා.. මම මේ ගිය ඉස්කෝලේ මම හිටිය පන්ති වල වෙනියට රණ්ඩු කලේ නෑ කවුරුත්..මට තිබ්බෙත් නැහැ එහෙම ඕනකමක්.. හැබැයි ඊට කලින් ගිය ඉස්කොලේ නම් පුදුම තරඟයක් තිබුනා..
Deleteමෙහෙම නෙමේ අතටම අහුවෙන හොර බොරු මම ගුරු මණඩලයට රිපොර්ට් කලත් කිසිම කෙනෙක් අද වෙනකම් තරහ වෙලා නැහැ වගේම ඒ කිසිම කෙනෙක් ගැන මම තැන තැන කියලා නැහැ.. ඒ දේ උනේ O/L කාලේ ඉඳලා ගුරුවරුන්ට උදව් කරන්න මාව තෝර ගත්ත නිසා සහ ඒ අතර හිටපු එක ගුරුවරියකගේ හැසිරීම නිසා..
ඒ විදිහේ දෙයක් උනු වෙලාවක උනත් අපි ඒ සිදුවීම එතනින් අමතක කරලා පන්තියට ඇවිත් ඔක්කොම එකට එකතු වෙලා සින්දු කිව්වා..එහෙම කෙල්ලො අඩුයි.. :)
//JVP කලබල කාලේ මහ රෑ ආව අය අපිව ඉල්ලුවම මමයි කිව්වේ මල්ලිව දෙන්න බැහැ ඕන නම් මාව අරන් යන්න කියලා.//
ReplyDeleteඔයා අනු පහේ ශිෂ්ත්වය ලිව්වා නම් JVP කලබල කාලේ වෙනකොට අවුරුදු තුනක දරුවෙක් එහෙම කුඩා දරුවෙක්ව අරන් යන්න එන්නේ කවුද? ඔයාට තුනයි නම් මල්ලිගේ වයස කියද?
අන්න එතන තමයි මම ලිව්වේ ශිශත්වේ කරපු අවුරුද්ද හරියට මතක නැති බව ගණන් කරන්න කම්මැලි නිසා.. :)
Delete