Saturday, August 4, 2018

අනන්තයට යන පාර දිගේ....

දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන් ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න හැකිද....

ඒ කිව්වේ කෙනෙක් තමන්ව අගය කරන්නේ ආදරය කරන්නේ තමන් සාර්ථක උනොත් පමණයි කියන තැනට දරුවගේ මොළය ගේන්නේ කවුද...කොන්දේසි විරහිත ආදරය කියන සංකල්පය දරුවගේ මොළයෙන් අතුරුදහන් කරන්නේ කවුද...අනිත් එක මෙහෙම වහළෙක් කලාම වැඩිහිටි වියේදිත් හරි බයයි අලුතින් දෙයක් කරන්න.. එය ජීවිතය විඳින්න නොහැකිව මනස වියළි අරටුවක් වීමේ මුල..

මේ කතාවටම අදාලයි 1 වසරේ ඉඳලම පාසැල් අධ්‍යාපනයේ වෙනියෙක් දෙන එක..උත්සහය අගය කිරීම මිසක් වෙනියෙක් දීම කියන්නේ නිකරුණේ මල් වගේ සියුමැලි පිරිසිදු හදවත් ඇති මේ පුංචි දරුවන්ගේ හිත් දූෂණය කිරීමක් කියන එක වටහා ගන්න බැරි ඇයි තවම.. මේ වෙන කිසි දෙයක් නෙමේ අවුරුදු දහස් ගාණක් රාජාණ්ඩු/යටත් විජිත් මඟින් පාලනය උනු මිනිස්සුන්ගේ හදවත් වල ඇති තවත් කෙනෙකුට තම බලය පෙන්වීමේ මානසික අවශ්‍යතාවය බව කවද්ද මිනිස්සු වටහා ගන්නේ..තමන්ගේ කඩා වැටීම මේ කුඩා දරුවන්ගෙන් පිරිමහ ගන්න හදන වැඩිහිටියන් කවද්ද ඒ ක්‍රමය නවතන්නේ..

දෙමාපියන්/වැඩිහිටියන් මෙවැනි දේවල් ගැන යොමු කරන අවදානය ගොඩක් අඩුයි මම දකින විදිහට.. දරුවන් හැඟිම් දැනීම් පිරිණු තැනක සිට මේ හැඟිම් දැනීම් නොදැනෙන රොබෝ කෙනෙක් වැනි කොන්දේසි සහිත ආදරයක් දක්වා ගමන් කරවන්නේ වෙන කවුරුවත් නෙමේ.. කෙනෙක්ට දෙයක් බැරි උනත් පුලුවන් උනත් ඒ දෙය මත පිහිටා ආදරය/ අගය කිරිම රඳා නොපවතින තැනක හැදෙන වැඩෙන දරුවන් වැඩිහිටි වෙද්දි වටහා ගන්නවා කොන්දේසි විරහිතව ආදරය කරන්න.. එහෙම නැති දරුවන් ගැන කතා කරද්දි වැඩිහිටියන් ගැන තමා ඉතින් කතා කරන්න වෙන්නේ..

මේ නිසා කෙනෙක් දෙයක් කරද්දි "ආ දැන් පුලුවන් ද. තාම ඕක කරනවද අපෝ කොයි කාලේ ඉඳලා ඕක කරනවද, තාම ඉවර නැද්ද, අර අරයා නම් ඉවර කරලා කොයි කාලේද , දැන්වත් ඕක පුලුවන් ද... වගේ ප්‍රකාශ නොකර ඉන්න ඔබට හැකියාව තියනවද කියන එක හොයලා බලන්න..

සමහර විට ඔබට නොපෙනුනාට ඒ කෙනාට එතනින් එහාට යන්න කිසිම ඕනකමක් (පුලුවන්කම තිබුනත්) නැති වෙන්නත් ඉන්න තැන ගැන ඉතාම තෘප්තිමත්ව ඉන්නවා වෙන්නත් පුලුවන්.. මතක තියා ගන්න ඕනම දේක අන්තය කියන්නේ අවසානය බව.. මැද තැනක් තමයි ජීවිතේ සතුටින් විඳිමින් යන්න සුදුසුම තැන..


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.