Monday, July 2, 2018

කෑම කෑම කෑම කෑම...

ඔබ කවදහරි හිතලා තියනවා ඔබේ දරුවන්ට ඒ අයට පහසුවෙන් ගෙදරම තනිව හදා ගත හැකි සමබර ආහාර වේලකට හුරු කරන්න ටිකෙන් ටික ලොකු වෙද්දි....ඒ කිව්වේ අපිට පුරුදු සංකීර්ණ යැපුම් ආහාර රටාවෙන් මිදී සරල ස්වාධීන සමබර ආහාර රටාවකට හුරු කරන්න..

මම නම් ඒ ගැන හිතනවා.. මොකද පොඩි කාලේ ඉඳලම මම කෑම බීම එක්ක ඒ තරම්ම යාලුකමක් ඇති කෙනෙක් නෙමේ.. ඒ නිසා අවට පරිසරයෙන් ඇති දේවල් වලින් මටම ගැලපෙන පහසුවෙන් අවම කාලයකදි හදා ගත හැකි හිතකර ආහාර රටාවක් හදා ගන්න ඕනකම මට තිබ්බේ සෑහෙන කාලෙක ඉඳලා.. එකම තැන රැඳෙන්නේ නැති අලුත් අලුත් දේ බය නැතුව අත්හදා බලන්න හැකි නම් ඒ අත්හැරීමේ හැකියාව ඇති මනසකට විතරයි මම දකින විදිහට.. මෙහෙම කරන්න තවත් එක් ප්‍රධාන හේතුවක් තමයි අපේ ජීවිතය පවත්වා ගන්න අවශ්‍යම කරන ආහාර පිළියෙල කිරීමට ජීවිතෙන් වැඩි කාලයක් ගත වන බව මම අවට පරිසරයෙන් දැක්ක නිසයි ජීවිතය පුරාම..

ඒ නිසාම මම මගේ පුතා වෙනුවෙනුත් එයාට ගැලපෙන තනියෙන් හදා ගන්න පුලුවන් සමබර ආහාර වර්ග ගැන හොයන්න හිතන්න පටන් අරන් ගොඩක් කල්..මේ වගේ දෙයක් කරද්දි ඔබට සෑහෙන්න අලුත් අලුත් දේ හොයන්න අත්හදා බලන්න සිදුවෙන අතරෙම වැරදීම ද අති බහුලයි..නමුත් අවසාන ප්‍රතිඵලය නම් කිසිසේත්ම ඔබව අසතුටට පත් නොකරනු ඇත. ඒ ඔබේ දරුවා තම එදිනෙදා කෑම වේල ස්වාධීනව හදා ගත හැකි කෙනෙකු කල හැකි නම් පමණයි වැඩිහිටියෙක් වෙද්දි..

ඔබගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා කාලය ගත කල යුත්තේ කුමන අයුරකින් ද කියා තීරණය කිරීම ඔබ සතු වගකීමකි... ඒ වගකීම තුල එකම තැන පල් වීමද එහෙමත් නැත්නම් වෙනස් වෙනස් අලුත් දේ සොයා යාමද කියා තෝරා ගැනීමට ඔබට පුර්ණ නිදහසක් ඇති බව මම දකිමි මනසින් ඔබ නිදහස් නම්..


ප.ලි.: ගැහැණු පිරිමි ලෙස ආහාර බෙදා නැති මුත් ලෝකේ කිසිඳු රටක, ආහාර සෑදීම නම් එසේ බෙදා වෙන් කර ඇත..මිනිස් පරිණාමයේ නොමැකිය හැකි පියවරක් වන ඒ බෙදා වෙන් කිරීම තව දුරටත් පවත්වා ගන්න අවශ්‍යදැයි සිතා බැලීම මම ඔබට බාර කරමි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.