Thursday, July 26, 2018

සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..

සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..

මිනිසුන් අතර ගැටලු මතු වීම අද හෙට නවතින දෙයක් නොවන නිසා, ඒ අයගේ හැසිරීම්, ආකල්ප, වගේම ජීවන රටා ගැනත් සෑහෙන්න ඔබට හිතන්න වෙන්නේ කිසිම දවසක අනුන් මත යැපෙන මනසක් ඔබට හිමි නැති නිසයි ඔබට මතු වෙන ගැටලු විසඳගන්න.. ඒ නිසා සංවේදි ස්වාධීන මනසක් තියන කෙනෙක් තමන්ගේ ජීවිතයට ලං කර ගන්න ඕන හංගන්නේ නැතුව ඕනම දෙයක් විවෘතව සාමකාමීව කතා බහ කරන්න පුලුවන් අය.. නැත්නම් වෙන්නේ දවසෙන් දවස අනිත් අය අතර ඔබව සැඟ වී ගොස් අන්තිමේ ඔබ කියා කෙනෙක් නොමැති දවසක් ඔබත් නොදැනීම උදා වීමයි..

එහෙම නැත්නම් ඔබ පුරුදු වෙන්න ඕන අන් අයගේ හැසිරිම් පෙරා වෙන් කර ඔබේ මනසට ඇතුල් කර ගන්න. අර කතාවක් තියෙන්නේ ඒ කනෙන් අහලා මේ කනෙන් යවනවා කියලා.. අන්න ඒ වගේ තමයි සෘණාත්මක අය එක්ක ගනුදෙනු කරන්න ඕන.. ධනාත්මක අයව හදවතට තවත් ලං කර ගන්න කියන එක අමුතුවෙන් මම කියන්න ඕන නැනේ..

එහෙම පුරුදු උනාම නම් අන් අයගේ කිසිම විදිහක හැසිරීමකින් ඔබට කිසිම සෘණාත්මක බලපෑමක් නොවෙන තැනකට ඔබේ මනස ගෙනියන්න පුලුවන්..හැබැයි එය එතරම් පහසු දෙයක් නම් නෙමේ.. මේ ක්‍රමය ප්‍රගුණ කරද්දි ඔබට හැකියාවක් ලැබෙනවා සෘණාත්මක හැසිරිම් තියන අය දිහා ඔබේ කෝණයෙන් නොව ඔවුන්ගේ කෝණයෙන් බලන්න.. අන්න එතනදි ඔබට හැකි වේවි ඒ අයට උදව් කරන්න ඔබව රිදවගන්නේ නැතුව ඒ අයගේ හැසිරීම් වලින්..හැබැයි ඔබත් හැඟිම් දැනීම් දැනෙන කෙනෙක් මිසක් රොබෝ කෙනෙක් නොවන බව කිසිම විටක අමතක කර උදව් කරන්න යන්න එපා.. නයි පැටවුන්ට කිරි පෙව්වා වගේ වෙයි නැත්නම්...


ප.ලි: පුංචි කාලේ ඉඳලා මට ඕන උනේ මෙන්න මේ තෝරා ගැනීම සහ මම කොහොමද මගේ හිත පාලනය කර ගන්නේ කියන එක ඉගෙන ගන්න මිසක් සාමාන්‍ය තරඟකාරි (අධ්‍යාපන) ක්‍රමයේ ගියා නම් ගියේ මගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ අරමුණින් විතරයි.

ඒ වගේම ගැහැනු ළමයෙක් උනු නිසාම මගේ දෙමාපියන් පවා මුලදි හිතුවේ කාගෙන් හරි යැපිලා මිසක් මට ජීවිතය ගෙනියන්න නොහැකි බව වගේම මම ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියලා හොයලා බලන්න තිබුන ඕනකම නම් හරිම අවමයි..

එය ඉතා සාමාන්‍ය දෙයක් ලංකාව වගේ රටවල.. දෙමාපියන්/වැඩිහිටියන් හදා ගෙන ඉන්න රාමුවෙන් පිට දරුවන් දිහා බලන්න තවම ඒ ක්‍රමය ඇතුලේ පැහැදිලි විදිහක් හැදිලා නැහැ.. නමුත් මම දකිනවා හිමින් හිමින් ඒ ඉඩ හැදෙනවා..ඒත් ඒ හැදෙන ක්‍රමය ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ....

2 comments:

  1. "අන් අයගේ හැසිරිම් පෙරා වෙන් කර ඔබේ මනසට ඇතුල් කර ගන්න"

    මේක තමයි අමාරුම කරන්න��

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මම වයස 14දි 15 දි ( ඒ කියන්නේ ඔ/ල් කාලේ) මගේ ලොකු අම්මා තමයි පන්තිභාර ගුරුවරිය.. අම්මගේ එකම අක්කා උනාට හරි අමුතුම ගති පුරුදු තියෙනෙ කෙනෙක් අදටත්.. මේ ගුරුවරිය එදිනෙදා ගෙදරදි වගේම ඉස්කෝලෙදිත් අතට අහුවෙන ඕනම තැනකදි හිත රිදවන වැඩ කරන්න පුරුදු වෙලා හිටියා.. විශේෂෙයෙන් එයාව ගණන් නොගන්න අයට..

      අපිට විෂයන් 2ක් උගන්නපු මේ ගුරුවරිය මුල ඉදලම මට ලැබෙන ලකුණු ගාණ ගැන හිතුවේ හරියට මම එයාගේ මොළයෙන් උත්තර ලියනවා වගේ..පාඩම් කලත් ලකුණු අඩු වෙද්දි තාත්තා ඇහුවා ඒ ඇයි කියලා. මම පැහැදිලි කලාම වෙන දේ දන්නවද තාත්තා මට කිව්ව දේ..

      ඔ/ල් ලකුණු දෙන්නේ එයා නෙමේ නිසා ඒ ගැන අමතක කරලා තාත්තගේ ඉස්කෝලෙන් ගේන ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා දෙන්න කියලා. ඒ වගේම ගෙදරදි වෙන හිත් රිදීම් වලදිත් තාත්තා කිව්වේ (වගේම හැසිරුනෙත්) ඒ අම්මගේ අක්කනේ පුතේ..අපිට එයාව අයින් කරන්න බෑනේ කියන දේ. ඉතින් අපි මේ හැසිරීම් පෙරා වෙන් කිරීම ටික ටික හුරු උනා..

      හැබැයි තාත්තා නැති උන දවසේ මේ ලොකු අම්මා තමයි ගොඩක්ම වෙහෙසුනේ..ඒ වගේම එතන ඉදන් කැපිලි කෙට්ලි ටිකක අඩු උනා..තවම බින්දුව වෙලා නම් නැහැ.. :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.