Monday, March 12, 2018

ඇතුල හිස් ද....

රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..

ඒ වගේම මිනිස්සුන්ව කෙනෙක් බලෙන් බය කරලා තර්ජනය කරලා මැඩ පවත්වන්න හැදුවට ඒ බාහිර බලපෑම ලිහිල් උන ගමන් කලින්ටත් වඩා වේගයෙන් තමයි කාලෙත් එක්ක ආපහු උඩට මතු වෙන්නේ...

වෙන්න ඕන රබර් බෝලේ ඇතුලත "හිස්" කියල හොයා ගත්තා වගේ බාහිරින් ලස්සනට පේන මිනිස්සු අතරින් ඇතුලත "හිස්" මිනිස්සු කවුද කියන එක හිමින් කතා බහ කරලා ලෝකෙටම පෙන්වලා දෙන එක..එහෙම කරන්න පුලුවන් නම් මොන තරම් කෑ ගැහුවත් වැඩක් වෙන එකක් නැහැ..



මිනිසෙකුගේ අභ්‍යන්තරය විනිවිද පෙනෙන සුළු නොවේ නම් ඒ මිනිසාගේ පිටතින් පෙනෙන හැසීරීම් එකින් එක ප්‍රශ්න කිරිම් හමුවේ නිරුවත් කල හැකි නම් නොදන්නා දිනක තමා තුලම සැඟවුනු මිනිසෙක් එළි දකිනු ඔබ අත්දකීවි..

4 comments:

  1. හොද ලිපියක්
    ජය වේවා

    ReplyDelete
  2. “Seeing the obvious is often harder than seeing the hidden!”
    ― Mehmet Murat ildan

    ReplyDelete
    Replies
    1. “Let me tell you something big: Give importance to little things!”
      ― Mehmet Murat ildan

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.